ආලයේ ගාථා 28

56 5 4
                                    

ආලයේ ගාථා
28වන දිගහැරුම

පහුවදා ලෙක්චර්ස් ඉවරවෙලා නිශේන් උමංගට කෝල් කලේ එයා එක්ක මේ දේවල් කතා කරන්නම ඕනි නිසා.ඉතින් උමංග නිශේන්ගෙ ෆැකල්ටි එක ළඟට ආවෙ පයින්ම.මොකද එයා දන්නවා නිශේන් අහන්න යනදේ.ඒ කතාව ඒ තරම් දිග නිසාත්,ගමනට කතාව ඉණිමගක් කියලා කියමනක් තියෙන නිසාත් පයින් ඇවිදින ගමන් මේ හැමදේම නිශේට තේරුම් කරලා දෙන්න ඕනි වුණා...

"සුදූ"

"ඔයා දන්නව ඇතිනෙ සුදු අයියේ මං එන්න කිව්වෙ ඇයි කියලා"

"හ්ම්ම්"

"මොනවද මේ වෙන්නෙ සුදු අයියෙ.ඇයි ඔයාවත් මට මේවා කිව්වෙ නැත්තෙ.මැරුණ කෙනෙක්ට පණ ඇවිත් මගෙ වර්තමානෙ සැරිසරද්දි මං මොකක්ද කරන්නෙ.ඇයි එහෙම දෙයක් කලේ සුදු අයියේ"

"මට එහෙම කරන්න වුණා සුදූ.මං සෑහෙන්න අසරණවෙලා හිටියෙ.එක පැත්තකින් ඔයා.අනිත් පැත්තෙන් මතියා."

"එදා ඉඳන්ම ඔයා මේ ගැන දැනගෙන හිටියද අයියේ"

"දැනන් හිටියට මට ඒක කරන්න වුණා චූටි.මතීෂ ඇක්සිඩන්ට් වෙච්ච දවසට පහුවදා....."

"හෙලෝ පුංචි කියන්න"

"පුතා මං ඔයා එක්ක ලොකු දෙයක් කතා කරන්න මේ ගත්තෙ.ඔයා මට අවංක උත්තරයක් දෙන්න."

"මොකක්ද පුංචි."

"මොකක්ද අපෙ පුතයි මතීෂ පුතයි අතරෙ තියෙන සම්බන්දෙ?"

"පුංචි"

"මට ඒ දෙන්නා හොඳ යාලුවො කියලනම් කියන්න එපා පුතා.මං දන්නවා හැමදේම.මට දුක ඔයත් මේවට උදව් කරන එක"

"දැන් මේවා කතා කරන්න වෙලාවක් නෙවෙයි පුංචි"

"නැත්තෙ නෑ පුතා.හෙට මතීෂ සිංගප්පූරුවට අරන් යනවා කියලා මට එයාගෙ අම්මා කිව්වා.අපි මේ ප්‍රශ්නෙ මෙතනින් ඉවර කරමු"

"ඒ කිය්න්නෙ"

"ඒ කියන්නෙ පුතා ඔයා අපෙ නිශේන්ට කියන්න ටික දවසක් ගියාම,මතීෂ එහෙදි නැතිවුණා කියලා.මං මේ සම්බන්දෙට කොහෙත්ම කැමති නෑ.මේක ඉස්සරහට තියෙන්න කොහෙත්ම ඉඩ තියන්නෑ මං.මට ඉන්න එකම කොල්ලා නිශේන්.එහෙව් එකේ මේ වගේ සමාජෙන් පිළිගන්නෙ නැති පැවැත්මක් නැති සම්බන්දෙකට මං කොහොම එකඟ වෙන්නද.මං ඔයාගෙ පුංචි.ඔයා මං කියන දේ ඔයාගෙ පුංචි වෙනුවෙන් කරන්නම ඕනි.මේ ප්‍රශ්නෙ උණුසුම ඉවර වෙන්න කලින් ඔයා මේ දේ කරන්න ඕනි"

ආලයේ ගාථා 🖤 Completed ✔️  Non Fiction BlWhere stories live. Discover now