ආලයේ ගාථා 20

56 7 4
                                    

ආලයේ ගාථා
20වන දිගහැරුම

පහුවදා උදේම නිශේන්ව ශාක්‍ය ෆැකල්ටි එක ලඟට වෙනදා වගේම ගෙනත් ඇරලුවා.මීදුම මැද්දෙන් සුපුරුදු හාදුව නළලට තියන්නනම් ශාක්‍ය අමතක කලේ නෑ...

"අමාරුවක් නෑ නේද"

"හනුමා දර පලනවා වගේ නටලා අමාරු නැද්ද අහන්නෙපා අයියේ.බඩ තවම රිදෙනවා..."

"හවස බෙහෙත් ගන්න යමුද.අහ් සොරි සොරි ඩොට්ටට මොන බෙහෙත් ද.පේන් කිලර්ස් ටිකක්වත් ගමු ෆාමසියකට ගිහින්"

"ඕනි නෑ හරියයි ටිකකින්.මං මේ ලව් බයිට්  වලට උත්තර බඳින්නෙ කොහොමද කියලා කල්පනා කලේ අරුන්ට"

"උත්තර බඳින්න දෙයක් නෑ.පෙරේදා බැන්දා.ඊයෙ හනිමූන් ගියා කියන්න"

"අනේ මේ..."

"හරි හරි මගෙ මැණික පරිස්සමට වැඩටික කරගන්න හරිද"

"හා හා ඔයත් පරිස්සමට "

මං අයියට සමුදීලා ෆැකල්ටි එක ඇතුලට ගිහින් ලෙක්චර් හෝල් එකට ගියා.කම්මැලිකමේ උදේ වරුවම ගෙවිලා ගිය අතර දවල් යාලුවොත් එක්ක කැන්ටින් එකට ගියේ මොනවහරි බොන්න...

"අහ් නිශේන්.කවුද බෙල්ල කෑවේ"

"වෙන කවුරු කන්නද යකෝ ශාක්‍ය අයියා මිසක්.නේද බං"

නිශේන් බයෙන් හිටපු දේම යාලුවො ටික කියවන්න ගත්තෙ බෙල්ල වටේටම තිබ්බ ලව් බයිට්ස් දැකලා.නිශේන්ගෙ මූණ ලැජ්ජාවට රත්වෙච්ච යකඩයක් වගේ රතු වුණා.ඒක දැකපු යාලුවො ටික තවත් ඒක කියලා විහිලු කරන්න ගත්තා.

"හනිමූන් එක ජයටම සමරලා වගේ.හැබැයි පුතෝ උඹ පාටි දෙන එක මගාරිනවා එහෙම නෙවේ"

"අහ් ඒක නෙවේ ස්ටෙත් එක හම්බවුණා ද"

ඊයේ නිශේන් එක්ක ස්ටෙත් එක හොයන්න ගිය නිශේන්ගෙ යාලුවා කතාව වෙන පැත්තකට හැරෙව්වෙ නිශේන්ව තවත් විහිලුවට ගන්න ඕනි නැති නිසා..

"අහ් ඔව්නෙ.ඊයෙ මං යද්දි engineer faculty එකේ අයියා කෙනෙක් දුන්නා"

"උඹව අදුරන එකෙක් ද"

"අඳුරනවා කියන්නෙ ලොකුවට නෑ."

"කොහොමහරි කමක් නෑ ස්ටෙත් එක හම්බවුණා නෙ."

ආලයේ ගාථා 🖤 Completed ✔️  Non Fiction BlWhere stories live. Discover now