ආලයේ ගාථා
26වන දිගහැරුම"මට තවම ආදරෙයිද අයියේ"
මතීෂ ඈත බලාගෙන දිග හුස්මක් හෙලුවෙ ඔව් කියන්නද නෑ කියන්නද කියලා හිතාගන්න බැරුව.ඒ නිහැඬියාව නිශේන්ගෙ ප්‍රශ්නෙට නිරුත්තර උත්තරයක් උනා කියනවනම්,නිශේන්ට ඒක තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියෙ නෑ...
"මං ඔයාට ආදරේ කරනවට වඩා ඔයාට දැන් ආදරේ කරන කෙනෙක් ඉන්නවා චූටි.පහුගිය ටිකේ වෙච්ච ප්‍රශ්න මං නොදැක්කා නෙවෙයිනෙ.ඉතින් මං ගැන නෙවේ,ශාක්‍ය ගැන හිතන්න.ඔයාට හොඳටම ගැලපෙන්නෙ ඔයා"
"එතකොට ඔයාට දුකක් දැනෙන්නෙ නැද්ද...."
"දුකක් ඇයි චූටි.අයිති වෙන්නම ඕනිද ආදරේ කරන්න.තමන් ආදරේ කරපු කෙනාට තමන් කලාටත් වඩා ආදරේ කරන කෙනෙක් ලැබිලානම් ඒක සතුටු වෙන්න ඕනි දෙයක් නෙවෙයිද"
"ඇයි ඔය දෙන්නම එකම කතාව කියන්නෙ.තමන් ආදරේ කරන කෙනා කා එක්ක හරි සතුටින් ඉන්න එකලු සතුට.පිස්සු කතාවක්නෙ"
"ඇත්තටම ආදරෙයිනම් එහෙම හිතෙන්න ඕනි චූටි."
"ඇතුළෙන් පිච්චි පිච්චි පිටට පේන්න හිනාවෙවී ඉන්න ආස නැ මංනම්.ඔයයි ශාක්‍ය අයියයි දෙන්නම එහෙමයි.දෙන්නම අනිත් කෙනා වෙනුවෙන් තමන්ගෙ සතුට අතාරින්න හදන අය."
"ඉතින් චූටිට සතුටු නැද්ද..."
"අනේ අයියේ.මට මේක ඔයා හිතනවට වඩා ලොකු ප්‍රශ්නයක්.මං ඉන්නෙ පිටින් පේනවට වඩා ලොකු පීඩනේකින්.ඇයි ඔයා තේරුම් ගන්නැත්තෙ.මට මේ වෙන දේවල් දරාගන්න අමාරුයි"
"හරි චූටි කියන්නකො මං මොනවද කරන්න ඕනි.චූටිට මාව පේන්නෙවත් නැතිවෙන්න මං යන්නද මෙහෙන්.කවදාවත් ඔය ඇස් ඉස්සරහට එන්නැතුව යන්නද ඕනි"
"ඔයාට පුලුවන් ද අයියේ එහෙම කරන්න"
"ඔයා හිනාවෙලා ඉන්නවනම් මට කරන්න පුලුවන් චූටි"
"මට ඇත්තමයි ඔය දෙන්නගෙන්ම ඈත්වෙලා දුරකට යන්න හිතෙනවා.දෙන්නම දාන පාරමිතා පුරනවා.දෙන්නම පාරමිතා පුරන්න පාවිච්චි කරන්නෙ මං.මං එතකොට මොකද කරන්නෙ"
"එකගෙයි කන්න තමා වෙන්නෙ දැන්"
"විහිලුද ඔයාට මේවා"
YOU ARE READING
ආලයේ ගාථා 🖤 Completed ✔️ Non Fiction Bl
Romanceමම, කිසිවෙකු ජීවත් වීමට තෝරා නොගන්නා ශීත කාන්තාරයක්...❄️ නුඹ, ඒ බව් දැන දැනම මිඳුණු අයිස් මත පිපෙන්නට වරම් ගත් ඩැෆඩිල් මලක්....🏵️ (වස්සාන සුළඟ season 2)