ආලයේ ගාථා 40

83 5 6
                                    

ආලයේ ගාථා
40වන දිගහැරුම...

"හෙලෝ චූටි කොහෙද ඉන්නෙ ඔයා"

"මං KCC එකේ.ඇයි"

"තවම බෝඩිමට ගියෙ නැද්ද..."

"නෑ දැන් යන්න හැදුවෙ"

"අහ් මේ කරූ ඉල්ලනවා ෆෝන් එක..."

"ම්ම්"

"සුදූ"

"ම්ම්"

"හවස වැඩක් ද"

"නෑ ඇයි"

"අපි ටික අනුරාධපුරේ යමුද"

"ඒ ඇයි"

"නිකම් ගිහින් එමු.උඩමලුවයි රුවන්වැලි සෑයයි වැඳගෙන"

"ම්ම්ම් කවුද අපි කිව්වෙ"

"අපි කිව්වෙ මමයි සඳුයි මතියයි තව"

"තව කවුද ශාක්‍ය අයියද"

"හ්ම්ම් ඔව්"

"මං ඕනි නෑ ඔයාලා ගිහින් එන්න"

"ඇයි ශාක්‍ය එන නිසාද එන්න බැරි"

"එහෙම නෑ.මට පාඩම් කරන්න තියෙනවා.එක්සෑම් ළඟයිනෙ.."

"අද විතරනෙ.බැරි පාඩම් නෑනෙ තමුසෙට ඔහොම කියෙව්වට.හැමසැරේම වැඩිම ලකුණු ගොඩේ ඉන්නෙ"

"ම්ම්ම්"

"ලෑස්ති වෙලා ඉන්න.මං එන්නම් 3ට"

"ම්ම්ම්"

"එහෙනම් පරිස්සමට යන්න"

මං කෝල් එක කට් කරලා ෆෝන් එක සාක්කුවට දාගෙන එළියට ගිහින් බයික් එකත් අරගෙන අයෙම බෝඩිමට ආවා.උදේ ඉඳන් තනියම නුවර ඇවිදලා මාළිගාවටත් ගිහින් සෑහෙන්න වෙලාවක් කරඬුව වැඩහිටපු උඩ මහළෙ බිම වාඩිවෙලා හිටියා.ඒ සැනසීම මට වෙන කොහෙන්වත් ගන්න බෑ.මං වගේම තව මිනිස්සු බිම වාඩිවෙලා සෑහෙන වෙලාවක් යනකම් හිටියා.ඇත්තටම එතන තියෙන සැනසීම මට වෙන ගන්න පුළුවන් තැනක් නෑ.මං අනන්තවත් මේ මාස තුනට මාළිගාවට එන්න ඇති.

දුටු ගැමුණු රජතුමාගෙ ඔටුන්නෙ කොටලා තිබ්බලු,

නත්ථි මේ සරණං අඤ්ඤං
බුද්ධෝ මේ සරණං වරං

ඒ කියන්නෙ බුදුන් හැර අන් සරණක් නැත කියලා.ඇත්තටම මං මේ ටික කාලෙට ගොඩක් බෞද්ධ දර්ශනයෙන් ජීවිතේට ගන්න පුලුවන් උපරිම ආදර්ශ,ප්‍රයෝජන ගත්තා.ඒ නිසාමද මන්දා දැන් දැන් මට ජීවිතේ තියෙන සමහර දේවල් වල ඇත්ත තේරෙනවා.කොච්චර නැහීගෙන අපි පරිස්සම් කළත් ඒ හැමදෙයක්ම දවසක අපිට අනිවාර්යයෙන් අතාරින්න වෙනවා.
සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි කියලා බුදු හාමුදුරුවො දේශනා කලේ බොරුවට නෙවෙයි.ඉතින් මං මොකටද ජීවත් වෙන ටික කාලෙට නැසෙන සංස්කාර නිසා දුක් වෙන්නෙ.මගෙ මානසික සෞඛ්‍ය හරියට හදාගන්න බෙහෙත් වලටත් වඩා මට උදව් වුණේ බුද්ධ වචන.ඉතින් මං හැමදේටම වඩා ඒ වචන වලට ආදරෙයි.ඉතින් අපි ජීවිතේ නරක දේවල් විතරක්ම දැක්කොත් හොඳ දේවල් මිස් වෙනවා.දැන් මට ඕනි ඒ නරක දේවල් පැත්තකින් තියලා හොඳ දේවල් ටික දකින්න...

ආලයේ ගාථා 🖤 Completed ✔️  Non Fiction BlWhere stories live. Discover now