ආලයේ ගාථා 02

163 12 11
                                    

ආලයේ ගාථා
දෙවන දිගහැරුම

කාලයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනවා.සමහර විට ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරපු අය අනාගතේ වෙද්දි අපි එක්ක නැතිවෙන්න පුලුවන්.ඒ වෙනුවට ආගන්තුක ආදරවන්තයෙක්,ආදරවන්තියක් ඒ අඩුව පුරවන්න එන්න ඉන්නවා වෙන්න පුලුවන්.අද මේ මොහෙතෙන් පස්සෙ වෙන කිසිම දෙයක් අපි දන්නෙ නෑ.නමුත් ඇති දේ නැති වෙන්නත් නැති දේ ඇතිවෙන්නත් එක තත්පරයක් හොඳටම ප්‍රමාණවත් කියන එකනම් අපි හොඳටම තේරුම් ගන්න ඕනි.

"හෙලෝ පුතා,ඔයා ගෙදර එනවද නිවාඩුවට "

"ඔව් අම්මෙ එන්න ඕනි."

"ඒක හොඳයි.අපි මේ කිරි අම්මා දානයක් දාගත්තා මේ එන සෙනසුරාදා.ඒ නිසා කලින් එන්න දවස් දෙක තුනක්වත්.වැඩත් තියේ ටිකක්.බලලා කරවන්න ලේසියි ඔයා ආවනම්."

"හරි අම්මේ මං අනිද්දා එන්නම්."

"හරි ලොකූ.අහ් සුදු අයියවත් එක්කන් එන්න.තව සඳූ පුතාවත් එක්ක එන්න.."

"හරි මං කියන්නම්කො "

"හරි එහෙනම් බුදු සරණයි පුතේ "

"බුදු සරණයි අම්මේ "

ස්ටඩී ලීව් එක මාසයක් තියෙන නිසා කෝමත් ගෙදර යන්න හිටියෙ.ඒත් දවසක් දෙකක් ඇවිදලා රිලැක්ස් වෙලා යන්න හිතුවට,අම්මා කෝල් කරලා එන්න කිව්ව නිසා දැන් යන්න වෙනවා..

"හෙලෝ සුදු අයියෙ.වැඩක් ද ඔයා "

" මේ අනිද්දා අපෙ ගෙදර යමු.කිරිඅම්මා දානයක් දෙනවලු අම්මලා.."

"හා යන් එහෙනම්.පුංචිට මං ගන්නම්කො."

" හරි.සඳූටත් කියන්න "

"මගෙද යාලුවා ඌ නැත්තන් උඹෙද"

"මගෙ යාලුවා උනාට,හොරෙන් කන්ටැක්ට්ස් තියන් ඉන්නෙ ඇයි දන්නෑ "

" ඒ ඉතින් උඹගෙ යාලුවා නිසා "

"අනේ මේ දෙන්නගෙම වෙනසක් පේනවා මට.ඔහොම යන්කො 😒"

"හරි හරි බං.ඒම මොකුත් නෑ තව.මං විස්තරේ කියන්නම් වෙලාවක.උඹ කෝල් කරලා කියපන්.මං කියනවට වඩා ඒකනෙ හොඳ"

"හරි හරි 😒 "

කෝල් එක තිබ්බා විතරයි සඳූගෙන් මට කෝල් එකක් ආවා.ආන්ස්වර් කරලා කනේ තියාගන්නත් කලින්,

ආලයේ ගාථා 🖤 Completed ✔️  Non Fiction BlWhere stories live. Discover now