ආලයේ ගාථා හයවන දිගහැරුම
පහුවදා උදෙන්ම මං නැගිටලා කුස්සියට ගියේ ලොකු බඩගින්නකුත් දැනුන නිසා අම්මට කියලා ටී එකක් හදාගන්න.
"අහ් ලොකූ.ගුඩ් මෝනිම්"
"ගුඩ් මෝනිම් අම්මේ.ටී නැද්ද"
"හදලා දෙන්නම් ඉන්න.සුදු අයියලා එහෙම නිදි ද තව"
"ඔව් අම්මෙ එයාලා නිදි."
"එහෙනම් එයාලට පස්සෙ හදලා දෙමු නිවෙනවනෙ නැත්නම්."
"හා එහෙනම් මට එකක් හදන්නකො.කන්න මොනාද තියෙන්නෙ"
"පාන් තියේ ජෑම් ගාලා ගන්න.තව ඕනිනම් කේකුත් ඇති ෆ්‍රිජ් එකේ.සැරට ඕනිනම් බයිට් වාගෙකුත් තියේ"
"පාන් හොඳයි.මං හදාගන්නම්"
මං අම්මා ටී එක හදනකම් පාන් පෙති දෙකක් අරන් වටේ වාටි ටික කපලා ජෑම් ගාලා දෙකට කපාගත්තා.අම්මා හදලා තිබ්බ ටී එකත් අරන් මං රූම් එකට ගියේ බැල්කනි එකට වෙලා ටී එක බොන්න.ජනේලෙ ඇරලා බැල්කනි එකේ තිබ්බ පුටුවකින් වාඩිවෙලා පාන් පෙත්තක් කන ගමන් ටී එක බිබී පාරෙ යන වාහන දිහා බලාගෙන හිටියා.
"කවුද අනේ.අතාරින්නකො "
"ශාක්‍ය අයියේ අතාරිනවා.තමුසෙ තමයි ඔය මෝඩ වැඩ කරන්නෙ "
ටී බිබී ඉද්දි අත් දෙකෙන් මගෙ ඇස් වහපු ගමන් මට ඒ ශාක්‍ය අයියා කියලා හොඳටම තේරුණා.මොකෝ වෙන කාගෙවත් අත් බැන්ඩේජ් කරලා නෑනෙ
"කෝමද අඳුරගත්තෙ.මගෙ සුවඳ දැනෙනවා නේද දැන් හොඳට "
"සුවඳ ඉටිගෙඩිය.අතේ බැන්ඩේජ් තියන් මූණ වහද්දි මොන මෝඩයටද නොතේරෙන්නෙ "
"අයියෝ මට ඒක ගානක් ගියෙ නෑනෙ.මංනම් මහම මහ ගොනෙක් "
"නැතුව.අං දෙක විතරයි අඩු"
"එක අඟක් නම් තියේ "
එහෙම කියලා මගෙ එක අතක් අරන් අයියගෙ කලිසමේ zip එක උඩින් තිබ්බා
"අනේ මේ අහගන්නෙපා මගෙන් "
"අඟත් ඔයා ඉද්දි ලොකු වෙනවා.මේ පේනවනෙ."
"අඟ කපලා දාන්න කලින් මගෙ අත අයින් කරන්න "
"අඟ කැපුවොත් ඔයා අඬද්දි අයේ කටේ ගහන්නෙ මොකක්ද "
YOU ARE READING
ආලයේ ගාථා 🖤 Completed ✔️ Non Fiction Bl
Romanceමම, කිසිවෙකු ජීවත් වීමට තෝරා නොගන්නා ශීත කාන්තාරයක්...❄️ නුඹ, ඒ බව් දැන දැනම මිඳුණු අයිස් මත පිපෙන්නට වරම් ගත් ඩැෆඩිල් මලක්....🏵️ (වස්සාන සුළඟ season 2)