ආලයේ ගාථා 35

63 6 11
                                    

ආලයේ ගාථා
35වන දිගහැරුම

ශාක්‍යගෙ ඇස් අස්සෙ නිශේන් වගේම නිශේන්ගෙ ඇස් අස්සෙ ශාක්‍ය මොහොතකට නතරවුණා කියනවනම් දෙන්නම හරි සිහියය ආවේ උමංග අත වනලා ශාක්‍යට කතා කරද්දි.මේ ටික දවසට ශාක්‍ය හිටියටත් වඩා ලස්සන වෙලාද මන්දා...

"Am I late here?"

ශාක්‍ය නිශේන් දිහා නොබලම පුටුවක් පස්සට අදිනගමන් උමංග එහා පැත්තෙන් වාඩිවුණා...

"අපෝ නෑ.අපි මේ ඕඩර්ස් දැම්මා විතරයි.මල්ලි මොනාද බොන්නෙ"

"ම්ම්ම් මොනාහරි රීෆ්‍රෙශ් වෙන දෙයක්.මොහිතෝ එකක් හොඳයි වගේ"

ශාක්‍යත් මොහිතෝ එකක් ඕඩර් කරද්දි නිශේන් ශාක්‍ය දිහා හොරෙන් බැලුවෙ,ජීවිතේට මොහිතෝ වලට ලොකු ආසවක් නොතිබ්බ ශාක්‍ය මොහිතෝ වලට ආස උනේම නිශේන් නිසා.මොකද නිශේන් කොහෙ ගියත් වැඩි හරියක් බොන්නෙ මොහිතෝ.ඉතින් තමන් කැමතිම කෙනා එක්ක ඉද්දි නොකන කරවිලත් පැණි රස වෙනවා වගේ,ශාක්‍යත් නිශේන් ආස හැමදේකටම ආස වුණා.ඉතින් නිශේන් හොඳටම දන්නවා එහෙම උනේ එයා නිසා කියලා.ඉතින් ඒ වචනෙ අහද්දි නිශේන්ගෙ හදවතේ නොපෙනෙන පැත්තක හිරිවැටීමක් ආවේ පපුවෙ එක පැත්තක ශරීර අභ්‍යන්තර උෂ්ණත්වය සෘණ රේඛාවක් දිගේ දුවද්දි.ඒක ඇත්තටම කිව්වොත් ආදරණීය නමුත් වේදනාත්මක හැඟීමක්...

"ඉතින් ඉතින්...මොකෝ මේ දවස් ටිකේ වෙන්නෙ"

"ලොකු වැඩක් නෑ කරූ අයියේ.අමායා එක්ක හෙට නුවර එළියෙ යන්න ඉන්නෙ.ඒ වැඩ අස්සෙ මං මේ ආවේ"

ඒ අහපුදේටනම් නිශේන්ගෙ හදවත කැඩිලා කුඩුවෙලා ගියා කියනවනම්,බිබී හිටපු මොහිතෝ එක පිට උගුර ගිහින් නහයෙනුත් ආවා.පැණි රස දෙයක් පිට උගුර යන එක කොච්චර වේදනාකාරී ද කියලා එහෙම වෙච්ච කෙනෙක් දන්නවා ඇති.ඇරත් පැණි රස දෙයක් පිට උගුර යන එක අනිත් දේවල් වලට වඩා පොඩ්ඩක් සීරියස්.ඉතින් නිශේන්ට පොඩ්ඩක් විතර හුස්ම හිරවෙන තරමටම ආවත් එක්ක මතීෂ පැනපු ගමන් පිටට ගහලා අත මිට මොලවලා කොන්ද දිගේ තද කරගෙන පහළට කීපවරක්ම ඇදන් ගියාමයි නිශේන්ට කෙලින් හිටගන්න පුලුවන් වුණේ...

"Chuti are you ok?"

"Yeah feel better.Thank you aiya"

"මොකද සුදූ උනේ"

ආලයේ ගාථා 🖤 Completed ✔️  Non Fiction BlWhere stories live. Discover now