ආලයේ ගාථා
21වන දිගහැරුම...ඇක්සිඩන්ට් එකක් නිසා පොලිසියෙනුත් හොස්පිට්ල් එකට ආවෙ ඒ මොහොතෙ සිද්ධිය දැකපු අයගෙන් කට උත්තරත් සටහන් කරගෙන...
"පේෂන්ගෙ භාරකාරයා කවුද"
"මං සර්"
"ඔයා එයාගෙ?"
"මං එයාගෙ අයියා සර්..."
"ඔයාට මේ ඇක්සිඩන්ට් එක ගැන සැක හිතන්න පුලුවන් කෙනෙක් ඉන්නවද"
"එහෙම කවුරුත් නෑ සර්"
"මේකයි මිස්ටර්.අපි එතන සිද්ධිය වෙච්ච වෙලාවෙ හිටපු දෙතුන් දෙනෙක්ගෙන් ඇහුවා.ඒ අය කියපු විදිහටනම් පිටපස්සෙන් ආව කාර් එකක් හිතලම ඇඟට කපලා එතනින් රේස් කරගෙන ගියා කියලා.."
"What...."
"එහෙම බැලුවොත් මේක මිනී මැරීමට තැත් කිරීමක්.භාරකාරයා විදිහට ඔයා මොකක්ද මේකට ගන්න ඩිසිශන් එක"
"ඒක එහෙමනම් සර්,පොලිස් විමර්ශනයක් මට අනිවාරෙන් ඕනි.පැහැදිලි සාක්ෂි එක්කම මං ඒ කෙනාට විරුද්ධව නඩුවක් ෆයිල් කරනවා"
"අන්න එච්චරයි අපිට ඕනි මිස්ටර්.ඔයාගෙ අවසරේ තියෙනවනම් අපි මේ ගැන පුළුල් විමර්ශනයක් කරනවා.දැනටම එතන CCTV records check කරන්න නියෝග කරලා ඉවරයි.අනික කැම්පස් ස්ටුඩන්ට් කෙනෙක් නිසා,කේස් එකක් ෆයිල් කලොත් ඒක ලේසි වෙන එකක් නෑ..."
"අපි කේස් එකක් ෆයිල් කරමු සර්.මං කෙලින්ම උසාවියේම මේ ගැන පැමිණිල්ලක් කරනවා ගිහින්.මට සර්ලගෙ පැත්තෙන් වෙන්න තියෙන උදව්ටික විතරක් කරන්න"
"Sure.අපිට ඔයාගෙ කන්ටැක්ට් නම්බර් එක දෙන්න"
උමංග එක්ක කතා බහ කරපු පොලිස් ඔෆිසර්ස්ලා දෙන්නා ඒ ගැනත් සටහන් කරගෙන එතනින් ගියා.රෝහල් පොලීසියෙන් මැදිහත් වෙලා සාක්ෂි හොයන නිසා,ඒ දේවල් හරියට තිතට වෙන එක ගැනනම් සැකයක් නෑ...
"හෙලෝ පුංචි "
"ඔව් පුතා කියන්න"
"පුංචි මේකයි.කලබල වෙන්න එපා.මල්ලිට පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා.දැන් මේ පේරාදෙණිය හොස්පිටල් එකේ ඉන්නෙ"
"මො...මො...මොකක්...නිශේන්...මොකක්ද පුතේ උණේ.අනේ මට පැහැදිලි විස්තරයක් කියන්නකො.අනේ අමාරුද පුතේ ගොඩක්"
YOU ARE READING
ආලයේ ගාථා 🖤 Completed ✔️ Non Fiction Bl
Romanceමම, කිසිවෙකු ජීවත් වීමට තෝරා නොගන්නා ශීත කාන්තාරයක්...❄️ නුඹ, ඒ බව් දැන දැනම මිඳුණු අයිස් මත පිපෙන්නට වරම් ගත් ඩැෆඩිල් මලක්....🏵️ (වස්සාන සුළඟ season 2)