ආලයේ ගාථා
31වන දිගහැරුම...ඉතින් ශාක්‍ය හැරිලා යන දිහා යටි හිතෙන් මහපොළොවටත් උහුලගන්න බැරි කම්පාවකින් වෙළිලා ගිය කෙනෙක් බලන් හිටියා කියනවනම්,
මතීෂ නිශේන්වත් එක්කගෙන එළියට යන්න ආවෙ,කොච්චර බලන් හිටියත් ඒ වහින වැස්සනම් නවතින පාටක් තිබ්බෙ නැති නිසා.හරියටම කිව්වොත් නිශේන්ගෙ ජීවිතේට ශාක්‍ය ආවෙත් වැස්සෙන් දවසක් එයා වැව රව්මෙ තෙමි තෙමි ඉද්දි කුඩේකුත් ඉහළගෙන ඒ වැස්සෙන් නිශේන්ව තෙමෙන්න නොදී.ඒත් අද,එයා වැස්සෙ තෙමි තෙමි ගියා කුඩයක් අල්ලන්න කෙනෙක් එයාටනම් හිටියේ නෑ එදා නිශේන්ට හිටියට...
ඉතින් අදත් වහිනවා.හෝ ගාලා වහිනවා.ඒත් එදා ශාක්‍යට කුඩයක් තිබ්බා වගේ මතීෂ ලඟනම් කුඩයක් තිබ්බෙ නෑ නිශේන්ව වැස්සෙන් බේරගන්න.ඒත් එහෙමයි කියලා මතීෂ නිශේන්ට තෙමෙන්න දුන්නද.කොහෙත්ම නෑ.තමන් දාගෙන හිටපු කලුපාට ලෙදර් ජැකට් එක ගලවලා නිශේන්ගෙ ඔලුවට දැම්මා.මේ ආදරවන්තයෝ දෙන්නා හරි පුදුමයි.දෙන්නා ආදරේ දෙන්නෙ දෙන්නගෙම විදිහකට වුණත් දෙන්නගෙම ආදරේ ඒ තරම් ගැඹුරුයි වෙලාවකට.තවත් වෙලාවලට හිතනවටත් වඩා සියුමැලියි.ඉතින් ජැකට් එක ඔලුවට දැම්මත් නිශේන්ට ඒ වෙලාවෙ ඕනි වුණේ තෙමෙන්න.වැටෙන්න නොදී හිර කරන් හිටපු කඳුලු කැටවලට ගලාගෙන යන්න පාර හදලා දීලා අඬන්න.ඒත් එහෙම කරන්නමම් මේ වැස්සෙ තෙමෙන්න වෙනවා.නැත්තන් හැමෝටම එයා අඬනවා කියලා පේනවා.ඇරත් නිශේන් හැමෝගෙම ඉස්සරහා අඬන්න කැමති මනුස්සයෙක් නෙවෙයි....
නිශේන් නොතෙමී ගියත් මතීෂනම් මේ වෙද්දි හොඳටම තෙමිලා.හෙල්මට් එක නිසා ඔලුවනම් නොතෙමුණාට ඇඳන් හිටපු සුදු t shirt එක ඇඟටම ඇලිලා,ජිම් එකේ දඟලලා දඟලා හදාගත්ත six pack ටික හොඳටම පිටට පේනවා කියනවනම්,ලඟින් ගියපු කෙල්ලො ඒ දිහා බැලුවෙ නෑ කියනවනම් බොරු...
මතීෂ පාකින් එකට ගිහින් බයික් එක අරන් එනකම් නිශේන්ට මාළිගාව ඉස්සරහට වෙලා ඉන්න කිව්වෙ,තවත් පහළට යද්දි එයා තවත් තෙමෙයි කියලා.ඉතින් බයික් එක අරන් ඇවිත් මතීෂ නිශේන් ඉස්සරහා නැවැත්තුවෙ එක අතක එල්ලන් ආපු හෙල්මට් එකේ ක්ලිප් එක ගලවලා නිශේන්ගෙ ඔලුවට දාන ගමන්.නිශේන් බයික් එකට නැඟලා මතීෂගෙ ඉනෙන් අල්ලගත්තත්,මතීෂ හිමීට ඒ අත්දෙක අරන් තමන්ගෙ පපුව වටේට ඔතාගත්තෙ t shirt එකක් තිබ්බත් හොඳින් අතට අහුවෙන මාංශපේශි වල දැඩි ස්පර්ෂය හොඳටම නිශේන්ට දැනෙද්දි...
YOU ARE READING
ආලයේ ගාථා 🖤 Completed ✔️ Non Fiction Bl
Romantizmමම, කිසිවෙකු ජීවත් වීමට තෝරා නොගන්නා ශීත කාන්තාරයක්...❄️ නුඹ, ඒ බව් දැන දැනම මිඳුණු අයිස් මත පිපෙන්නට වරම් ගත් ඩැෆඩිල් මලක්....🏵️ (වස්සාන සුළඟ season 2)