ආලයේ ගාථා 32

62 5 10
                                    

ආලයේ ගාථා
32වන දිගහැරුම

"හෙලෝ කවුද මේ"

"Is this Nishen Himansa ? ,I'm professor Wikramanayake here"

එහා පැත්තෙන් කතා කළේ කවුද කියලා ඇහෙද්දි නිශේන්ට උන්හිටි තැන් අමතක වුණේ තව මොන මරාලයක් වෙන්න යනවද කියලා හිතාගන්න බැරුව

"Ah...yes sir"

"පුතා මං ගත්තෙ ලොකු දෙයක් ගැන කතා කරන්න.මං දන්නවා මං මෙහෙම ඉල්ලන එක ඔයාගෙ පැත්තෙන් ලොකු අසාදාරණයක්.ඒත් මගෙ පැත්තෙන් බලද්දි මං අසරණයි දරුවො.මං දන්නවා අමායා නිසා ඔයාට වෙන්න ගියෙ ලොකු කරදරයක්.ඒකට මං කොච්චර සමාව ඉල්ලුවත් මදි.ඒත් පුතා කෝට් එකේ නඩු යන්නෙ මගෙ නමට.මේක මට ලොකු බ්ලැක් මාක් එකක්.මට ලෙක්චර්ස් දෙන්නත් බැරි තරමට ප්‍රශ්නයක් ඒක.සමහරවිට මාව ඒ පොසෙශන් එකෙන් අයින් කරන්නත් ඉඩ තියෙනවා."

"සර් මොකක් ද කියන්න හදන්නෙ"

"මං මේ ඔයාගෙන් ඉල්ලන ඉල්ලීමක්.ඔයා පුලුවන්නම් පව්ලෙ අය එක්ක කතා කරලා මේ නඩුව අයින් කරගන්න.මං අමායව රට යවනවා.අය ඔයාට එයාගෙන් කිසිම කරදරයක් වෙන්න ඉඩ තියන්නෑ.මං ඒක වගකියනවා.පුතාට පුලුවන්නම් මට ඒ උදව්ව කරන්න"

"ඒක බරපතල ඉල්ලීමක්නෙ සර්"

"ඔව් මටත් ඒක තේරෙනවා.පුලුවන්නම් විතරක් මට මේ උදව්ව කරන්න.මං කවදාවත් ඒක අමතක කරන්නෑ.මං අසරණයි පුතා,මට මගෙ දුවව පාවලා දෙන්න බෑ.ඒත් එයාගෙ වැඩ නිසා මං මහන්සියෙන් ගොඩනගා ගත්ත මගෙ මේ වෛද්‍ය වෘතිය හෑල්ලු කරන්නත් බෑ.ඩොක්ටර් කෙනෙක් කියන්නෙ ඉසිවරයෙක්.අපි ප්‍රතිඤ්ඤා දීලා මේ රස්සාව කරන්නෙ.ඒ වගේම ප්‍රොෆෙසර් කියන ටයිට්ල් එක ගන්න මං ගොඩක් මහන්සි වුණා.මේ නඩුව තවත් දුර ගිහින් මුලු කැම්පස් එකමයි,මුලු වෛද්‍ය වෘතියමයි හෑල්ලු කරලා මීඩියා වලටත් යයි.පුතා අනාගතේ ඔයාගෙ වෘතියයි,ඔයාගෙ කැම්පස් එකට වෙන කලු පැල්ලමයි,මගෙ පැත්තෙන් මට වෙන අසාධාරණයයි නවත්තන්න ඕනි කියලා විතරක් හිතනවනම් මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න.ඔයාගෙ පැත්තෙන් ගොඩක් ලොකු අසාධාරණ ඉල්ලීමක් කියලා මං දන්නවා."

"හරි සර් මං අම්මා එක්ක කතා කරලා බලන්නම්."

"හරි දරුවෝ මං ඔයාගේ අම්මා තාත්තා එක්ක කතා කරන්නම් ඕනිනම්.කොහොමත් මට ඒ අය එක්ක කතා කරන්න ඕනි.පුතා එහෙනම් පාඩම් කරන්න.මං ඔයාගෙ කාලෙත් කෑවද මන්දා"

ආලයේ ගාථා 🖤 Completed ✔️  Non Fiction BlWhere stories live. Discover now