ආලයේ ගාථා
41වන දිගහැරුම...එද්දි රෑවුණ නිසා ඒ ආව ගමන්ම මං නිදාගත්තා.ශාක්‍ය අයියත් එක පාරම මට හිටියා වගේ ළංවෙන්න හැදුවෙ නෑ.ඒ නිසා එයත් එයාගෙ බෝඩිමට ගියා.ගෙදර අය එක්ක තරහා වෙලාලුනෙ ඉන්නෙ.ඒ ප්‍රශ්නෙටත් මට මැදිහත් වෙලා විසඳන්න වෙයි.ඇරත් එයා කලින් හිටියා වගේ ළංවෙන්න හදන්නැති එක මට ලොකු සහනයක්.මොකද මං කැමති නෑ එහෙම ඉන්න.ඇරත් එහෙම ඉන්නත් බෑ.නුපුරුදු ගතියක් දැනෙනවා මට...
අද ඉරිදා නිසා මං හිතලම alarm එක පොඩ්ඩක් දික් කරලා සෙට් කලා.ඉතින් හතට alarm එක වදිනවත් එක්කම නිදිමරගාතෙම alarm එක ඕෆ් කරලා ටිකක් ඇඳේ එහෙන්ම ඉඳලා වොශ් එකක් දාගන්න ගියා.හවස අමායව හම්බවෙන්න යන්නත් ඕනි.එන්න තැනක් කිව්වෙත් නෑ.කෝල් එකක් දෙයිනෙ ඔච්චර ඕනිනම්...
මං කොෆී එක්කුත් හදාගෙන පාඩම් කරන්න ගත්තෙ තව මාසෙකින් forth year end exam නිසා.එහෙම බැලුවම ශාක්‍ය අයියාගෙයි අපෙ අයියලගෙයි අන්තිම කැම්පස් මාස ටික මේ.අපෙ අයියලගෙනම් final exam එකට තව මාස ගානක් තියෙනවා.ශාක්‍ය අයියටනම් මේ කැම්පස් එන අන්තිම කාලෙ.ඉතින් මට ඊළඟ අවුරුද්ද දෙක,ගොඩක් පාලු හිතෙයි.මොකද ඒ අය නැතුව මං කැම්පස් ඇවිත්ම නෑ...
දැන් මට වුණත් පාඩම් කරන්න තියෙන දේවල් සෑහෙන්න වැඩියි.ඒ නිසාම ටයිම් මැනේජ් කරගෙන මගෙ දේවල් කරගන්න එකත් මට ලොකු අභියෝගයක් වෙලා දැන්.ඒත් කොහොමහරි මහන්සි වෙලා මේ ටික ඇදගෙන යන්න ඕනි.මට අඩුම second upper class එකක්වත් ඕනි.දැනටනම් first class මට්ටමේ ඉන්නෙ.ඉස්සරහත් අනාගත්තෙ නැත්තන් වැඩේ ගොඩ...
මං ඔරලෝසුව බලද්දියි දැක්කෙ පැය හකටත් වඩා මං එක දිගට පාඩම් කරලා.ඉතින් දැන් වෙලාව 1ත් පහුවෙලා.බඩගින්නකුත් ආව නිසා,රයිස් කුකර් එකේ බත් එකක් ගහලා කෝකටත් හදන පරිප්පුව හදලා,චිකන් ටිකක් ෆ්‍රයි කලා.වැඩි වැඩ දදා උයන්න කම්මැලියි.ඇරත් වෙලාවකුත් නෑ.මාලු එකක් දෙකක් හදාගෙන කනවා ඇරෙන්න රාජබෝජන වගේ කන්න හදාගන්න වෙලාවක් නෑ දැන්.ගොඩක් වෙලාවට කරන්නෙ කඩෙන් කන එක.එහෙමත් වෙලාවකට තමයි උයාගන්නෙ.ඉතින් දැන් සතියකට දෙක්කට සැරයක් ගෙදර දුවන එකෙන් තමයි හරියට කෑම ටිකක් බඩට දාගන්නෙ.අම්මගෙන් සුපුරුදු,බලපන් උඹගෙ හැටි කෙට්ටුවෙලා ගිහින් කියන වැකිය එනකම් මං අහගන්නවා.ඒ එද්දි අම්මා බටු මෝජුවක්,ඇඹුල් තියල් එකක්,චිලිපේස්ට් වගේ ඒවා හදලා එවනවා.ඒකත් හොඳයි ඉතින්.බත් එකයි පරිප්පුයි හදාගත්තම සතියක් විතර යනකම් වැඩි වැඩ නෑ.අම්මනම් කියනවා හැම සතියෙම ආවනම් ඔය ටික හදලා එවනවනෙ,නැත්තන් කුරියර් එක්කට හරි දාන්නම් හදලා කියලා.ඒත් ඒකත් කරදරයක් නිසා ඔන්න ඔහේ යන වෙලාවට අම්මට කියලා හදන් ඇවිත් ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නවා...
YOU ARE READING
ආලයේ ගාථා 🖤 Completed ✔️ Non Fiction Bl
Romanceමම, කිසිවෙකු ජීවත් වීමට තෝරා නොගන්නා ශීත කාන්තාරයක්...❄️ නුඹ, ඒ බව් දැන දැනම මිඳුණු අයිස් මත පිපෙන්නට වරම් ගත් ඩැෆඩිල් මලක්....🏵️ (වස්සාන සුළඟ season 2)