ආලයේ ගාථා
නවවන දිගහැරුමනිශේන් ශාක්‍ය ආදරේ දවසින් දවස වැඩිවෙන්න ගත්තෙ නිශේන්ගේ කර්කෂව පාළුවට ගිය හදවතේ පුංචි මල් ඇට පැලවෙන අතරේ.ශාක්‍ය හරි පරිස්සමට ඒ මල් ඇටවලට ආදරෙන් වතුර දාලා හදවතේ ඉරිතැලිලා ගිය කඩතොලු මල්වලින් ගවසන්න සෑහෙන්න උත්සාහ කලා.නිශේන් ද අතීතයේ සිරවී සිටි අඳුරු මං මාවත් දිගේ දවසින් දවස වසන්ත කාලයට පියමැන්නෙ ශාක්‍යත් සමඟ පටලවාගත් දෑඟිලි තවත් තද කරගන්න අතරේදීය....
"නිශූ ඊළඟ සතියේ ගාල්ලෙ යමු හොඳේ."
"ඒක ෆැමලි ට්‍රිප් එකක්නෙ ශාක්‍ය අයියේ.මං එන එක හරි නෑ වගේ"
"ඉතින් තමුසේ මගේනෙ."
"ඒ උනාට ඔයාගෙ පව්ලෙ අය මාව දන්නෑනෙ."
"අපෙ අම්මයි අප්පච්චියි අක්කියි මල්ලියි,ඒ දෙන්නගෙ යාලුවොත් එයි.එච්චරයි අනේ.අය කවුරුත් නෑ.ඔයා මගේ.ඒ නිසා ඔයා එන්නම ඕනි.නැත්නම් මං යන්නෙත් නෑ..."
"හරි හරි අම්මට කියලා බලන්නම් මං"
"බලන්නම් නෙවේ,මං කියලා එක්ක යනවා..."
"හරි හරි තව සතියක්ම තියෙනවනෙ..."
"සුදූ අයියලා එක්ක කෑම කන්න එන්න "
අම්මා පහළ ඉඳන් කතා කරපු නිසා මං ශාක්‍ය අයියවයි සුදු අයියවයි සඳූවයි එක්ක පහළට ගියා...
"අහ් මේ ඉන්නෙ ට්‍රිප් ගිය අය.කෝමද සුදූ ට්‍රිප් එක"
"ශෝක් ලොකු අම්මේ.ඔයාලත් එන්න තිබ්බෙ"
"යංකො යංකො පස්සෙ දවසක"
"මාර ලස්සනයි අනේ.බලන්නකො මං fb දැම්මා ෆොටෝස්"
"දැක්කා දැක්කා,මට නංගි පෙන්නුවා උදේම.මාර ලස්සනයි තමයි.අයෙ දවසක ඔක්කොමලා යමු"
"ඔව් අනේ යමු.ලංකාවෙ ඉඳලා රිවස්ටන් ගිහින් නැත්තන් වැඩකුත් නෑ.අක්කිත් කමෙන්ට් කරලා තිබ්බා අපි එක්ක එන්න තිබ්බනම් කියලා.එයා වැඩ කියලා ගියානෙ "
"ඔව් ඔව් අයෙ ඔක්කොම එක්ක යමු...."
අපි උදේ කෑම එක අරන් ඉවර වෙලා අම්මා හදලා තිබ්බ බිස්කට් පුඩින් එකෙනුත් ඩිසර්ට් කප්ස් වලට දාගෙන එළියෙ බංකුවලට ආවා
YOU ARE READING
ආලයේ ගාථා 🖤 Completed ✔️ Non Fiction Bl
Romanceමම, කිසිවෙකු ජීවත් වීමට තෝරා නොගන්නා ශීත කාන්තාරයක්...❄️ නුඹ, ඒ බව් දැන දැනම මිඳුණු අයිස් මත පිපෙන්නට වරම් ගත් ඩැෆඩිල් මලක්....🏵️ (වස්සාන සුළඟ season 2)