ආලයේ ගාථා 23

51 7 2
                                    

ආලයේ ගාථා
23වන දිගහැරුම

නිශේන්ට දැන් ගොඩක්ම සනීපයි කියනවනම්,අද ලෙක්චර්සුත් ආවා.යාලුවො ටිකනම් නිශේන්ව පරිස්සමට බලා ගත්තා කියනවනම්‍ තනියම එළියටවත් යන්න දුන්නෑ.උමංග හවස ෆැකල්ටි එක ලඟටම ඇවිත් නිශේන්ට කතා කලේ නිශේන්ව එයාගෙ බෝඩිමෙන් ගිහින් දාන්න නිශේන්ගෙ අම්මා කිව්වා කියලා කියන ගමන්...

"ශාක්‍ය අයියා ඒවිනෙ"

"ශාක්‍යට එන්න ඕනි නෑ කියන්න.එයාට ඔයාගෙ බෝඩිමට එන්න කියන්න..."

"හා මං කියන්නම්කො"

නිශේන් ශාක්‍යට කෝල් එකක් දීලා අයියා එක්ක බෝඩිමට ගියා.තුවාලනම් ගොඩක් ඒවා වේලිලා තිබුණෙ.ඔපරේශන් එකේ තුවාලෙ පිටින් හොඳ වෙලා තිබ්බට,නිශේන් වාඩිවෙනකොට,නැගිටිනකොට පොඩ්ඩක් රිදෙන්න ගත්තෙ ඇතුලෙන් තවම හොඳටම හොඳවෙලා නෑ කියන්න ඉඟියක් දෙනවා වගේ....

"සුදූ දැන්නම් අඩුයි නේද...ඔපරේශන් එකේ තුවාලෙ තවම රිදෙනවද"

"ඇතුලෙන් පොඩ්ඩක් රිදෙනවා ලොකූ.තවම ඇතුලෙන් හීල් වෙලා නෑ හොඳටම"

"ඒකනෙ.පරිස්සමට ඒ නිසා.අය ඩොක්ටර් ව හම්බෙන්න යන්න තියෙන්නෙ කවද්ද..."

"මේ සිකුරාදා "

"ඒ කියන්නෙ අනිද්දා.පුංචිට එන්න ඕනි නෑ කියන්න.මං එන්නම්‍ යන්න"

"හා මං අම්මට කොහොමත් එන්න එපා කිව්වා.අපරාදෙනෙ මට මෙතන ඉඳන් ආසිරි එකට පොඩි දුරයිනෙ"

"ඔව් ඒක තමයි.යන ගමන් කෑම අරන් යමු.අද අපි රෑ පොඩි පාටියක් දාමු.ඔයා සනීප වුණ එකේ සතුටට"

"ඔයා ගානෙද පාටිය"

"නෑ ශාක්‍ය තමයි කිව්වෙ..."

"අහ් මස්සිනාලා දෙන්නා බොන්න වගේ යන්නෙ එහෙනම්"

"ඔව් ඉතින්.පොඩ්ඩක් බොන්නත් එපැයි"

"හා හා එහෙනන් ඕනි ඒවා අරන් යමු"

උමංග pizzahut එකෙන් bbq chiken large size pizza දෙකක් අරගෙන,ඊලඟට නැවැත්තුවෙ බාර් එක ලඟ.ඒකෙනුත් වොඩ්කා බෝතලයක් අරන්,සුපර් මාකට් එකෙන් චිප්ස්,බයිට්,සැන්ඩින් වලට sprite cocacola දෙක්කුත් අරගෙන කෙලින්ම ගියේ නිශේන්ගෙ ඇනෙක්ස් එකට...

ආලයේ ගාථා 🖤 Completed ✔️  Non Fiction BlWhere stories live. Discover now