ආලයේ ගාථා
16වන දිග හැරුමකැම්පස් පටන් ගත්ත නිසා හැමදාම වගේ එකම කාලසටහනකට නිශේන්ගෙ දවස් ගෙවිලා ගියේ මානසික පීඩනය එහෙමකට කියලා විස්තර කරන්න බැරිව තියෙද්දි.ඒත් ඒ හැමවෙලාවකම ශාක්‍යා එයාගෙ එහා පැත්තෙන් ඉන්නවා කියන හැඟීමනන් තදින්ම නිශේන්ට දැනුණා...
උදේම ෆෝන් එක රින් වුණ නිසා,මං ෆෝන් එක අතට ගත්තෙ නැගිටලා ටී බිබී ඉන්න අතරෙ...
"සඳූ.මොකෝ උදේම අයියා එක්ක වලියක් දාගත්තද"
"නිශූ...උඹ කොහෙද බෝඩිමේද.කෝ ශාක්‍ය අයියා.උගෙ ෆෝන් එක වැඩ නෑනෙ"
ප්‍රශ්න වැලයි.ඉතින් නිශේන්ට කෝකටද උත්තර දෙන්නෙ කියන එකට වඩා සඳූගෙ කලබලකාරී කටහඬ ගැන ප්‍රශ්නාර්ථයක් තිබ්බෙ...
"මොකද බන් උදේම මෝහිනි දැකලා වගේ බයවෙලා"
"මචං අහපන්කො.උඹ කලබල වෙන්න එපා"
"මොකක්ද හුත්# කියන එකක් කියපන්කො මගෙ බ්ලඩ් ප්‍රෙශර් වැඩි කරන්නැතුව"
"මචං මං මේ එවන ලින්ක් එකට ගිහින් බලපන් ඉක්මනට "
කිව්වා වගේම සඳූ වට්සප් මැසේජ් එකක් හරහා ලින්ක් එකක් එව්ව අතර,නිශේන් තත්පරෙන් ඒක ඕපන් කරලා බැලුවා.ඒත් ඒ දැකපු දේන් කලින් බ්ලඩ් ප්‍රෙශර් වැඩිවෙලා තිබ්බ මට්ටම දෙගුණ තෙගුණ වුණා කියනවනම්,
"What the hell.who is this blood son of the bitch?"
"ෆේක් අකවුන්ට් එකක් නිශේන් ඒක.ඔය ෆොටෝ ටික දාන්නම හදපු එකක් වගේ.වෙන කිසිම දෙයක් නෑ ඔය ෆොටෝ ටික විතරයි "
"අනේ සඳූ මට මේ මොකුත් තේරෙන්නෑ අනේ"
"කලබල නොවී හිටපන්කො කවුද කලේ කියලා හොයාගමු"
"අමුතුවෙන් හොයන්න දෙයක් නෑ.අමායා තමයි ඕක කලේ"
ඒ වෙන මොකුත් නෙවේ කලින් දවසක නිශේනුයි ශාක්‍යයි වැව රව්මෙ ඉන්න වෙලාවක ගත්ත ෆොටෝ වාගයක්.ඇරත් එතන ඒ දෙන්නම කිස් කරන ඒවා හොඳටම කැප්චර් වෙලා තිබ්බා කියනවනම් ඒ වෙද්දිත් ඒ පෝස්ට් එක 2000කටත් වඩා ශෙයා කරලා තිබ්බා.ඒ විතරක් නෙවෙයි,පෝස්ට් එක යට කැම්පස් එකේ ගොඩක් ළමයිගෙ කමෙන්ට්ස් තියෙනවා දැකපු නිශේන්ට තමන් හිටපු තැනම බිත්තියට හේත්තුවෙලා බිත්තිය දිගේම පහළට ඇදිලා ඉඳගැස්සුණා.කරන්නෙ මොකක්ද කියලවත් හිතාගන්න බැරි තරමට ඔලුව විකාරවෙලා තිබ්බ නිසාම ෆේස්බුක් එකෙන් එන නොටිෆිකේශන් සවුන් එකක් ගානෙ හිත තවත් කීරිගැහෙන්න ගත්තා.ඒත් එක්කම බෙල් එක වැදුන නිසා දොර අරින්න නැගිට්ටත් එතන කවුරු ඉඳියිද කියන බයටම දොර අරින්නැතුව ඉන්න හැදුවත්,
YOU ARE READING
ආලයේ ගාථා 🖤 Completed ✔️ Non Fiction Bl
Romanceමම, කිසිවෙකු ජීවත් වීමට තෝරා නොගන්නා ශීත කාන්තාරයක්...❄️ නුඹ, ඒ බව් දැන දැනම මිඳුණු අයිස් මත පිපෙන්නට වරම් ගත් ඩැෆඩිල් මලක්....🏵️ (වස්සාන සුළඟ season 2)