ආලයේ ගාථා 14

41 7 7
                                    

ආලයේ ගාථා
14වන දිගහැරුම

ශාක්‍ය අයියගෙ ආදරේ ඇත්තටම මට හීන ලෝකයක අතරමං වෙන ආදරේකට වඩා ජීවිතේ ඇත්ත,ජීවිතේ තිබ්බ පරිණතබව,ජීවිතේ තිබ්බ ගැඹුර වටහලා දුන්න ආදරයක්.එයා මගෙ ලඟට ඇවිත් දැන් අවුරුද්දකටත් වඩා වැඩි වුණත්,ඒ කාලෙට මාව වෙනස් කරපු විදිහ ඇත්තටම පුදුමයි.ඉතින් දැන්නම් මට ඒ රෝමාන්තික පිරිමියාව කාටවත් දෙන්න හීනෙකින්වත් හිතාගන්න බෑ...

"නිශූ බබා..."

"ඕහ් අයියේ කියන්න"

"කොහෙද ඉන්නෙ..."

"මං මේ ෆැකල්ටියෙ ඉන්නෙ ඇයි"

"ලෙක් ද"

"තාම ලෙක්චර්නම් ආවෙ නෑ"

"එහෙනම් එන්නකො ගේට් එක ලඟට"

ශාක්‍ය අයියා කියපු විදිහට එයා ගේට් එක ලඟ හිටියෙ.ඉතින් මං දුවගෙන ගියේ මොනවහරිම දෙයක් කරගෙන ඇති කියලා.ඒත් පිටින්නම් එහෙම දෙයක් පේන්න තිබ්බෙ නෑ.ඒ නිසාම ලඟට ගිහින් මූණටත් එබිලා...

"මොකෝ හදිස්සියේම"

"මූණ බලන්න ඕනි වුණා.ඒකයි කතා කළේ"

"අනේ ඔයානම් මටත් පිස්සු හදවනවා"

"ආදරේටනෙ මැණික ඉතින්"

අයියා තොල් දෙකත් හපාගෙන මං දිහා බලලා හිනා වෙන ගමන් කිව්වා.ඒකරලා සාක්කුවට අත දාලා චොක්ලට් එකක් එළියට අරන් මගෙ අතෙන් තියලා,

"ලෙක්චර්ස් මැද්දෙ නිදිමත ආවොත් කන්න"

"ම්ම්ම් "

"ම්ම්ම් නෙවේ.ලෙක් අස්සෙ නිදාගෙන මට අහුවෙන්න එපා.මං මෙඩිසින් නොවුණට මට ඔත්තු සේවා තියෙනවා"

"අපෝ දන්නවා අපෙ බැච් එකේ කෙල්ලො ඔක්කොම අඤෙ අඤේ ශාක්‍ය අයියා ගාගෙන ඉන්නෙ තව්සෙ දකින දකින සැරේට.උන්ගෙන් කේළම් අහගන්නවා ඇති."

"ඔය තේරිලා තියෙන්නෙ මගෙ සූදුරු සීනිබෝලෙට"

"මොකක් කිව්වා"

"සූ...දු...රු...සී..නී...බෝ...ලේ..."

"මාර නම් තමයි ඉතිම් කටට එන්නෙ.ඉස්සරහට මට දාන නම් ලියාගන්න පොතක් ගන්න වෙයි"

ආලයේ ගාථා 🖤 Completed ✔️  Non Fiction BlWhere stories live. Discover now