ආලයේ ගාථා
45වන දිග හැරුමදවස් සති මාස ගෙවිලා යන විදිහ හිතාගන්නත් අමාරුයි.අද අයියගෙ convercation එක.ඉතින් අද අපෙ අම්මයි අයියගෙ අම්මයි අප්පච්චියි මමයි හතරදෙනාම හිටියෙ ලොකු සතුටකින්.එයා ක්ලෝක් එකත් දාගෙන මල් පාර දිගේ එන විදිහ බලන්න මං ගොඩක් ආසාවෙන් හිටියේ.ඒ වගේම මට පොඩි දුකක් නැත්තෙමත් නෑ.අදින් පස්සෙ අපෙ ජීවිතේ අවුරුදු ගානක් ගෙවුණ විදිහ වෙනස් වෙයි.අයියා ඉස්කෝලෙක උගන්නන්න යයි,මං වෙනදා වගේම කැම්පස් එයි.අපි දෙන්නට වෙනදා වගේ කැම්පස් ළමයි දෙන්නෙක් විදිහට තව දුරටත් මේ පාරවල් වල ඇවිදින්න බැරි වෙයි.ඒත් ඒ ගෙවපු හැම මතකයක්ම මං හරි ලස්සනට හදවතේ සටහන් කරගන්නවා.කවදහරි අපි අපේ සැඳෑ සමය ගෙවන දවසක අපිට ඒ මතක අයෙත් අලුත් කරගන්න පුලුවන් වෙන විදිහට...
කොන්වකේශන් එකක් කියන්නෙ ජූනියර් බැචස් වල ළමයිටත් තියෙන ලොකුම මෝටිවේශන් එකක්.හරියට ඩිග්රි එක රිපීට් නොවී කම්ප්ලීට් කරගන්න එක,හොඳ ක්ලාස් එකක් ගන්න එක වගේ ගෝල්ස් හදාගන්න කොන්වකේශන් එක කියන්නෙ ලොකු පිටිවහලක්.
මායි අම්මයි අයියලගෙ අම්මයි මල් පාර දිගේ පෝලිම් හැදිලා ක්ලෝක් එකත් දාගෙන එන අද ඉඳන් officially graduate වෙන මූණු අස්සෙ ශාක්‍ය අයියව හෙව්වා.ඔහොම ටිකක් බලන් ඉද්දි අයියලගෙ ෆැකල්ටි එකේ අය එනවා දැක්කා.මං ඇස් කරක කරක හොයපු හිනාවත් ඒ අස්සෙ තියෙනවා දකිද්දි මගෙ හදවත අමුතු රටාවකට ගැහෙන්න ගත්තා.අයියා ක්ලෝක් එකත් දාගෙන ඉවුරු දිහා හැරි හැරි අපිව හොයනවා කියලනම් මට හොඳටම තේරුණා.ඒ නිසාම මං උඩ ඉඳන් අත වනද්දි,අයියාගෙ මූණෙ හරි ලස්සන හිනාවක් ඇදිලා ගියා.එයා වටපිට ඉන්න අය ගැනවත් ගානක් නැතුව මට ෆ්ලයින් කිස් එකක් එව්වෙ ඇහැකුත් ගහකා අත් දෙකෙන් හාට් ශේප් එකක් හදලා මට පෙන්නන ගමන්.අපෙ අම්මයි අයියලගෙ අම්මයිත් ඒකට හිනා වුණා.ඒ වෙලාවෙනම් මටත් පොඩ්ඩක් ලැජ්ජා හිතුණා.පුතා හිටියෙ අම්මගෙ අතේ.එයාටනම් දැන් ඔලුව උස්සලා වටපිට බලන්න පුලුවන්.ඒත් උඩ අතට වඩාගන්නවනම් කොන්දට අත තියලා තමයි වඩාගන්නෙ.මොකද තවම කෙශේරුව හරියට හැදිලා නෑ.
((මානව කශේරුව වක්‍ර හතරකින් හැදිලා තියෙන්නෙ.ඒ කියන්නෙ නැවුම් හතරක්.ඒක ප්‍රාථමික වක්‍ර දෙකක් සහ ද්විතියික වක්‍ර දෙකක් විදිහට බෙදනවා.භ්රෑණ අවදියේදි ප්‍රාථමික වක්‍රය හැදෙනවා.අපිට හිස චලනය කරන්න පුලුවන් ද්විතියික වක්‍රයක් වෙන ග්‍රෛවී වක්‍රය හැදෙන්නෙ ඉපදීමෙන් මාස තුනක් ගතවුණාම.එතකම් ළමයෙක්ට හිස ඔසවලා බලන්න බෑ.බලෙන් ඔලුව උස්සන එක,ඔලුව උඩ අතට හරවන එක වගේ අවදානම් සහගත දේවල් කරන්න හොඳ නෑ මාස තුනක් යනකම්.ඊට පස්සෙ හැදෙන ද්විතියික වක්‍රය තමයි කටී වක්‍රය.කටී වක්‍රය දරුවෙක් ඉපදිලා මාස 7-8 පමණ වෙද්දි හැදෙන්නෙ.ඊට පස්සෙ තමයි දරුවට දේහය සෘජුව එහෙම නැත්තන් හිටගන්න පුලුවන් වෙන්නෙ.))
YOU ARE READING
ආලයේ ගාථා 🖤 Completed ✔️ Non Fiction Bl
Romanceමම, කිසිවෙකු ජීවත් වීමට තෝරා නොගන්නා ශීත කාන්තාරයක්...❄️ නුඹ, ඒ බව් දැන දැනම මිඳුණු අයිස් මත පිපෙන්නට වරම් ගත් ඩැෆඩිල් මලක්....🏵️ (වස්සාන සුළඟ season 2)