ආලයේ ගාථා 33

66 6 4
                                    

ආලයේ ගාථා
33වන දිගහැරුම...

"නිශූ"

"ඕහ් කියන්න සඳූ.මොකක් හරි හදිස්සියක්ද"

"මේහ් මට බඩ්ඩක් දැනගන්න ඕනි"

"මොකක්ද"

"අයියා කැමතිම මොනාටද.අයිමීන් මොනවහරි කල් තියෙන දෙයක්"

"හදිස්සියේ?"

"අනේ බල්ලෝ.තොගෙ අයියා නේද.හෙට උපන්දිනේ කියන එක අමතක උනාද"

"හම්මට...මේ මඟුල් අස්සෙ මට අමතක වුණානෙ..."

"කියපන් මොනාටද ආස"

"ඔක්කොටම කලින් තොපි ඩේට් කරන්නෙ හැමිනෙන්න විතරද කියකො මට.අනේ බල්ලො කැමති අකමැති ඒවා දැනගන්න තමයි ඩේට් කරන්නෙ.තොපි දෙන්නගෙ මේ කටයුත්තනම් හරිම සැක සහිතයි මට."

"අනේ බල්ලො...මට කියපන්කො"

"අපෙ අයියත් ඉතින් මං වගේම තමයි.මතකහිටින විදිහේ ඕනි දේකට ආසයි.සමහරවිට උඹව මතක් වෙන විදිහෙ දෙයක්?"

"ම්ම්ම් ඒ කියන්නෙ ෆැශන් පැත්තට බර ගිෆ්ට් ආස නෑ?"

"නෑ...unforgettable memory එකක් දීපන්.I dunno what kind of thing is that.sometimes it might be a small thing but i should be represent your love for him.Is there anything like that?"

"Mmmm...හිතන්නම්කො මං.මං පස්සෙ කෝල් කරන්නම් ගිෆ්ට් එකක් හිතලා"

"හා හා"

අප්පා.මේ ප්‍රශ්න එක්ක මට ඒකත් අමතක වුණානෙ.මං මොකක්ද දෙන ගිෆ්ට් එක.පර්ෆියුම් එකක්...? වොච් එකක්....? ෆෝන් එකක්...? මොකක්ද දෙන්නෙ දෙයියනේ.මට හිතාගන්න අමාරුයි.මොකද කරන්නෙ.එක්කො කොන්ඩම් පැකට් එකක් දෙමුද...? ඒක හරියන්නෑ මේ මොන මඟුලක්ද මං හිතන්නෙ....

මේක හරියන වැඩක් නෙවේ.මීටවඩා සීරියස් හිතන්න ඕනි.එයා ළඟ නැති දෙයක් දෙනවා.හිතලා බලනවා හිමීට.තව වෙලා තියෙනවනෙ.මොනවා උනත් මගෙ අයියනෙ.මල්ලි කෙනෙක්ට අයියට දෙන්න පුලුවන් වටිනම දෙයක් දෙනවා...

නිශේන් දෙන ගිෆ්ට් එක ගැන හිත හිත කල්පනා ලෝකෙක පාවුණෙ,කිසිම අදහසක් හිතට එන්නැති අතරේ.කොච්චර හිතුවත් හරියන ගිෆ්ට් එකක්නම් හිතාගන්න අමතක වුණා.කොහොම හරි හිතලා හිතලා දෙන්න තෑග්ගක් මතක් වුණ නිසා බයික් එකත් අරන් KCC එකට ආවේ abans showroom එකට එන්න කලින් කෝල් එක්කුත් දාලා...

ආලයේ ගාථා 🖤 Completed ✔️  Non Fiction BlWhere stories live. Discover now