ආලයේ ගාථා
18වන දිගහැරුමනිශේන් ෆැකල්ටි එක ඇතුලට ගියේ පොඩි චකිතෙකින් වුණත් කිසිම කෙනෙක් එයා දිහා අමුතුවටවත් වෙනදට වඩා අවදානෙකින්වත් බලන පාටක් පෙනුනෙනම් නෑ.ඒ නිසාම නිශේන්ගෙ තිබ්බ කන්ෆිඩන්ස් එකනම් පොඩ්ඩක්වත් අඩුවුණේ නෑ..
" Congratulations අපේ නිව් ගෲම්"
සෙව්වන්දි වගේම නිශේන්ගෙ අනිත් යාලුවො ටිකත් නිශේන්ව වටකරගත්තා.ඒ හැමෝම නිශේන්ට සුබපැතුවා මිසක් කිසිම නෙගටිව් අදහසක් දුන්නෙ නෑ...
"අපිට පාටි ඕනි.ශාක්‍ය අයියටත් කියන්න..."
"වාන් පාටියක් දෙන්නද"
"අනේ මේ ඇත්තටම මේකටනම් පාටියක් ඕනි නිශේන්.ලිස්සලා යන්නනම් හදන්නෙපා"
"දෙන්නම් දෙන්නම් ඉන්නකො ලඟදිම"
"එහෙනම් ශුවර් නෙ.පස්සෙ වචන වෙනස් කරන්න එපා.පීට්සා නයිට් එකක් ඕනි"
"ඇතිද..."
"දැනට ඇති මචං"
යාලුවො ටික නිශේන්ගෙ කරට අතක් දාගෙන නිශේන්වත් ඇදගෙන ලෙක්චර් හෝල් එකට ගියා.තව ටිකකින් හොස්පිට්ල් යන්න තියෙන නිසා හැමෝම තම තමන්ගෙ ස්ටෙත්ස් ටිකත් අරගෙන තමන්ගෙ හොස්පිට්ල් එකට යන්න පිටත් වුණා...
නිශේනුයි යාලුවො ටිකයි වෙනදා වගේම පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පිරිමි වාට්ටුවට ගියේ,ඉන්න පේශන්ලගෙ ලෙඩ ගැන විස්තර අහන්න.ඉතින් වෙනදා වගේම ඇඳක් ඇඳක් ගානේ ගිහින් ගෙදරට වහලා තියෙන්නෙ උළුද ශීට් ද කියන එකේ ඉඳන් එකී මෙකී නොකී හැමදේම අහලා රොගවලට හේතුවන පාරිසරික සාධකත් එක්කම ඩයරි එකේ නෝට් ඩවුන් කරගත්තා.සමහර පේශන්ස්ලටනම් මෙඩිකල් ස්ටුඩන්ට්ස් ලා දකිද්දිත් දාඩිය දාන්නෙ අහන ප්‍රශ්න කන්ද මතක් වෙලා වෙන්න ඇති....
"මේ නිශූ මොනාහරි බීලා ඉමුද.මහන්සියි "
යාලුවො දාපු අදහසට නිශේනුත් එක පයින් එකඟවුණේ නිශේන්ටත් සෑහෙන තිබහක් තිබ්බ නිසා.ඉතින් හැමෝම කැන්ටින් එකට ගිහින් හයිලන්ඩ් එකේ චොක්ලට් කිරි පැකට් එකක් සහ ෆිශ් රෝල් එක ගානෙ අරන් ටේබල් එක්කින් වාඩිවෙලා කන්න ගත්තෙ ඕපදූප ටිකත් ගානට බැලන්ස් කරන ගමන්...
YOU ARE READING
ආලයේ ගාථා 🖤 Completed ✔️ Non Fiction Bl
Romanceමම, කිසිවෙකු ජීවත් වීමට තෝරා නොගන්නා ශීත කාන්තාරයක්...❄️ නුඹ, ඒ බව් දැන දැනම මිඳුණු අයිස් මත පිපෙන්නට වරම් ගත් ඩැෆඩිල් මලක්....🏵️ (වස්සාන සුළඟ season 2)