තත්පර... විනාඩි... පැයවල් ගෙවිලේ ගියේ හුළඟටත් වඩා වේගයෙන්... දන්නේ ම නැතුව දවස් දෙකකුත් ගිහින් තිබුනා...
එදායින් පස්සේ දශ්මිරයි මායි ඉස්කෝලේ දි ඇරෙන්න ආයේ ම හම්බුනේ නැති තරම්...
මම තාමත් ඉන්නේ සහන්සගේ ගෙදර... මේ දවස් ටිකත් මෙහෙන් ම ඉන්නයි කියලා සහන්ස ම මට කිව්වේ... පොඩි එකාගේ වචනේ අහක දාන්න බැරි කමට මන් මෙහේ නතර වෙද්දි
අමිරුව දැක්කේ නැතිම තරම්... එයා ඉස්කෝලේ පවා නාවේ මන් දශ්මිරගෙන් ඇහුවත් එයා පවා මොකුත් නොකියන කොට...
අමිරුගේ ෆොන් එක... එක කොයි වෙලෙත් ඔෆ් මොකක් හරි කරදරයක් ද කියලාවත් දැන ගන්න විදියක් නැතුව මන් මේ දවස් දෙක හිටියේ හෙන ම අවුලෙන්...
සහන්සයි දශ්මිරයි කියන්නේ ම අවුලක් නැ කියලා... එත් මොකක් හරි ප්රශ්නයක් තියෙනවා මොනාද මට හංගන්නේ...
" අම්මාට පොඩි නිළමේ... මක්කද බොල මේ තකහනියක් මෙහේ ආවේ "
" එහාට වෙයන් බල්ලෝ... "
කුස්සියට වෙලා අමිරු ගැන හිතන ගමන් පරිප්පු හොද්ද කුරු ගගා හිටිය මන් ගැස්සිලා ගියේ සාලෙන් ඇහුන සද්දේ නිසා...
සහන්සයි දශ්මිරයි අමිරුයි කොහෙද යනවා... යන තැනක් නම් කිව්වේ නැ එත් ගමනක් යන්න තියෙනවා කියලා නම් කිව්වා...
හැබැයි අමිරු එන එක ශුවර් නැ කිව්වා... එත් ඔය ඇවිත් තියෙන්නේ... මොකො ඉස්කෝලේ වෙන නිලමෙලා නැහැ මේ මන් දන්න තරමින් අමිරු උඩවළවේ විතරයි ඉන්නේ...
අද සිකුරාදා... නිකන් නෙමේ මහා සිකුරාදා කොහොමත් එදාට නිවාඩුනේ... එක නිසයි මේ ගෙදර... නැත්නම් පිනා දෙයි මෙන් කියලා නිවාඩු... එයාලට යන මගුලක ගිහින් ඉක්මනට එන්නයි කියලා මන් ඊයේ ම දශ්මිරට කියලා තිබුනේ හවස පල්ලි යන්න ඔන නිසා...
එහෙන් ම පරිප්පු ඇතිලිය බැව මන් අත් දෙක හොදන් සාලේට එන්න ආවේ අමිරු ඇයි ඉස්කෝලේ නාවේ කියලා අහන්න... ඇවිදින්න යන්න පැන ගෙන එන්න පුළුවන් මුන්ට ඉස්කෝලේ තමයි එන්න බැරි... ම්න්...
එත් කොහෙද... අමිරුට හොදවයින් දෙකක් කියනවයි කියලා හිතාගෙන ආව මට මොකුත් කියන්න බැරි වුනේ... අවුරුදු 10 ක නැත්නම් 9 ක කියලා කියන්න පුළුවන් පුංචි එකෙක් ව වඩා ගෙන හිටිය අමිරුව දැක්ක නිසා...
YOU ARE READING
දුරුතු සඳ | THE ART OF HEALING
Fanfiction𝐖𝐈𝐍𝐓𝐄𝐑 𝐈𝐒 𝐂𝐎𝐌𝐈𝐍𝐆... ♥️🍃 𝐀𝐘𝐀𝐍 || 𝐃𝐀𝐒𝐇𝐌𝐈𝐑𝐀 𝐌𝐚𝐭𝐮𝐫𝐞 𝟏𝟖+ ||𝟎𝟒||𝟎𝟒||𝟐𝟎𝟐𝟒||