01 වන පරිච්ඡේදය

7.9K 435 135
                                    


















මනඃකල්පිත නිර්මාණයකි
සියල්ල මනඃකල්පිත වේ


















දන්නවා ද කතාවක්... හැදින්වීමක් නැතුව පටන් ගන්න කතා හරි ලස්සනට ඉවර වෙනවා...

අත්දැකිම්... ආකල්ප... මගේ ම සිතුවිලි එක්ක මන් ඒ දෙවල් ඉගෙන ගත්තා... මේ කතාවට හැදින්වීමක් නෑ... තියෙන්නේ එක ම එක පසුවදනක් විතරයි...

කපුරු මල් නුඹට පෙම් කලා
නුබේ හිත පොහොට්ටුවට බැඳිලා
මල් පාත්තියක් හොරැහින්
මේ කතාව කියනවා...

කපුරු... හිත පුදුමාකාර විදියට නිවෙන සිංදුවක්... මෙවා ට්‍රෙන්ඩින් නොවි තියෙන තරමට... රස වැඩී... එත් මහන්සිය... මන් හිතනවා වැඩී...

ලොකු හුස්මක් පහත දාපු මන් බස් එකෙන් බැහලා ඉස්සරහාට ඇවිදන් ගියා... මේ 25 වෙනි දවස... මට මහන්සි ඔනාවටත් වඩා... ඇගට නෙමේ... මගේ හිතට... මැරෙන්න තරම් මහන්සි... දරාගෙන ඉස්සරහාට ගියත්... සමහර තැන්වලදි වැටෙන වැටිල්ලට... මට මාව ම පාලනේ කර ගන්න බෑ...

මට අඩන්න බෑ... මන් අඩන්න ආස නෑ... එත් මට අඩන්න සිද්ධ වෙනවා... කවුරු නිසා ද එයාලා නිසා...

" ඉතින් කොහොම අයාන් කාලා ද ආවේ... නැත්නම් අපි මොනවා හරි කමුද "

" ඔනේ නෑ ඩොක්ටර්... මන් ගෙදරින් එනකොට කාලා ආවේ "

ඩොක්ටර්... ඩොක්ටර් ආකේන්ද්‍රන්... මගේ psychiatrist... මන් දැන් මාස ගානක් තිස්සේ එයා ගාවට එනවා... හරියට කිව්වොත් අවුරුදු 03ක්'ත් වෙලා... මාසේකට එක දවස ගානේ මාස 25ක්... මට මහන්සි දෙයියනේ... මට මහන්සි...

" ඉතින් කියන්නකෝ... මේ ටිකේ වැඩ පිලිවෙල එහෙම කොහොම ද... හොදට කරන් යනවා ද "

" හ්ම්ම්... ප්‍රශ්නයක් නැහැ ඩොක්ටර්... ඉස්කෝලේ ඉන්න පැය ටික පුදුමාකාර තරම් සැහැල්ලුවකින් ඉන්නවා "

" හ්ම්ම්...එහේනම් මට අයාන් කියන්නකෝ... අයාන්ට දැන් දැනෙන්නේ කොහොම ද... සුව වීමක් දැනෙනවා ද "

දුරුතු සඳ | THE ART OF HEALINGWhere stories live. Discover now