12 වන පරිච්ඡේදය

1.1K 172 16
                                    

ප්‍රේමසුත්‍ර

හැම මිනිහෙක් ළඟම හංගා ගත්ත කතාවක් තියෙනවා පවිත්‍රා... සමහර එවා හැංගිලා තියෙන තරමට ම සුන්දරයි... මතක් කරන එකක් ආස්වාදයක්... එත් සමහර ඒවා තියෙනවා ඒවා හැංගිලා ඉදන් අපිව බය කරනවා... අපිව අඩවනවා... අපිව රිද්දනවා... එහෙම එවා හංගාගෙන විදවනවාට වඩා එළියට දාලා හිත නිදහස් කර ගන්න එක හොදයි... එත් සමහර එවා තියෙනවා... එවා එලියට දාන්නත් බැ... හංගගෙන ඉන්නත් බැ...

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

ෆොන් එක.... වෙලාව පාන්දර පහයි... පුරුද්දට එලාම් එක නොවැදුනත් පාන්දර පහා වෙනකොට ඇහැරුන මම ෆොන් එක දිහා බැලුවා... එක ඔෆ් වෙලා ගිහින්... ඔෆ් නොවී තියෙයි ද... එකේ ලොකුවට චාජ් එකක් තිබුනෙත් නැහැ නේ...

හුස්මක් පහත දාලා ෆොන් එක චාජ් වෙන්න ගැහුව මම... බාතෲම් එකට ගියා... නාන්න බැහැ... නාන්න ඔනා... එත් පණු පැටියාට නාලා කියලා තේරුනොත් එත් නැත්නම් නාලා උණ වැඩි වෙලා තිබුනොත් අර පණුවා මාව මරන් යයි...

බයක් නැහැ පොඩි එකාට... එත් පොඩි එකාව කෙන්ති ගස්සන්න උවමනාවක් ඇත්තට ම මට නැහැ... නිස්කාරනේ මම වගේ කෙනෙක් නිසා පුංචි එකා ලේ පුච්ච ගන්න ඔනේ නැහැ නේ...

එක නිසා ම ඇඟ විතරක් හෝද ගත්ත මම ඇදුම් අදින්න ගත්තා... උයන්න නම් බැහැ... කැන්ටිමෙන් මොනා හරි කනවා... එත් එක අස්සේ බත් නැහැ... ඔක්කොම තෙල් කටාරම්... බැරි වෙයි ද ප්‍රින්සිපල් සර් එක්ක කතා කරලා... කැන්ටිමට බත් දා ගන්න... එහෙම උනොත් පොඩි උන්ටත් හොදයි නේ...

ඇත්තට ම ප්‍රින්සිපල් සර් කැමති උනොත් එක ගොඩක් හොද වෙයි... කැන්ටිමේ ගැනු කෙනාටත් සාමාන්‍ය පැටිස් එකකට වඩා බත් එකකට වැඩිපුර ගානක් ලැබෙනවා නේ... පොඩි උන්ට ගෙදර යනකම් ආයෙත් බඩගිනි අල්ලන්නෙත් නැහැ... ශේප් එකේ මාමණ්ඩියා කනේ තියන්න ඔනා... හැබැයි පොර අකමැති උනොත් තමා කේස් එක...

දුරුතු සඳ | THE ART OF HEALINGWhere stories live. Discover now