Midum's pov
"... අ.. අපි දෙන්නා අතර බැරියර් එකක් දාගෙන නිදාගමුද?"
මං ඔහෙ ඕන දෙයක් වුණ දෙන් කියලා මගෙ හිතේ තිබුණ දේ කියලා දැම්මා. ගගනගෙන් ඒකට මුලින් ම කිසි ප්‍රතිචාරයක් ලැබුණෙ නැතත් තත්ත්පර දෙක තුනකට පස්සෙ එයා මහා හයියෙන් හිනාවෙන්න ගත්තේ මේ මාවත් බය කරලා.
හරිනේ ඉතින්.. මං ගොනා කියලා මරන්නද. මට තිබුණා එහෙම දෙයක් නොඅහා ඉන්න. දැන් ඉතින් මේ මනුස්සයා මට හිනා වෙනවා බඩත් අල්ලගෙන. වස ලැජ්ජාවයි..
"බැරියර්..? බැරියර් දාන්න මේක චෙක් පොයින්ට් එකක්ද, මීදුම්?"
එයා හිනාව අතර ම මගෙ දිහා බලන් අහද්දි මං හෙව්වෙ හැංගෙන්න තැනක්. මට බෑ අයියෝ මෙයාට මූණදීලා තවත් මෙහෙම ඉන්න. ඇයි මං කලින් එහෙම දෙයක් ඇහුවේ? මෝඩයා..
"ඕක.. ඔච්චර හිනාවෙන්න දෙයක්ද ඉතින්. මං කිව්වෙ ඔයාගෙ ම හොඳට."
මං අහක බලාගෙන මූණත් ඇද කරගෙන කියද්දි නම් එයා අමාරුවෙන් දත කාගෙන හිනාව නවත්තගත්තා.
"ඒ මොකෝ මගේ හොඳට? මට කියන්න එපා..."
ගගන මොකක් හරි කියන්න අර අදිද්දි මං හෙමීට ඇස් දෙක කරකවලා එයා දිහා බැලුවා. එයා හිටියෙ මූණත් අමුතු කරගෙන. මාර ඩ්‍රැමටික්.
"...ඔයා රෑට හීනෙන් කලිසම තෙත් කරගන්නවා කියලා නම්."
එකායි.. දෙකායි.. තුනායි.. මගෙ ඉවසීම නැත්තට ම නැති වෙලා ගියේ මේ මිනිහා කිව්ව ලැජ්ජාවක් නැති කතාවට. මං අතට අහුවුණ මගෙ කොට්ටෙන් එයාට දමලා ගැහුවා. හොඳ වෙලාවට කොට්ටෙ අහුවුණේ. වෙන මොකක් හරි අහුවුණා නම් පුතේ උඹ අද ඉවරයි.
ආවා මෙතන කලිසම තෙත් කරගන්න එකක් ගැන කියවන්න. මං තමුසෙට පෙන්නනවා දැන් කොහොමද කලිසම තෙත් කරගන්නෙ කියලා.
"ඊයා අනේ. මොනා කියවනවද මන්දා. එහෙම එකක් නෙවේ."
"එහෙනම්.. කොහොම එකක්ද?"
කලින් එයාගෙ ඇඟේ වැදිලා බිම වැටුණ කොට්ටෙ අරගෙන අයෙමත් මගෙ දිහාවට හෙමීට විසි කරන ගමන් ගගන ඇහුවෙ මහා අමුතු බැල්මක් මගෙ පැත්තට දාගෙන.
VOCÊ ESTÁ LENDO
ගගන මීදුම් | non fiction ( Taekook ) | (Ongoing)
Não Ficçãoඅතීතයෙ අපිට අමතක කරන්න බැරි ගොඩක් තැන්වලට දෛවය අපි ව අරන් යන්නෙ අපිට ආයෙ ආයෙමත් රිද්දන්න කියලයි මං හිතාගෙන හිටියෙ. ඒත් දැන් මං විශ්වාස කරනවා, දෛවය එහෙම කරන්නෙ අපිට අලුත් වර්තමානයක් මුණගස්සන්න. - මීදුම් - දඬුවමත් ආශිර්වාදයක් කරන්න පුලුවන්, මගෙ ජීවි...