Midum's pov
පහුවදා උදේ ම අපි තුන් දෙනා ම ඉස්කෝලෙට යන්න පිටත් වුණේ එදා දවසට ගොඩාක් වැඩ යෙදිලා තිබුණ නිසා. වෙසක් පෝය පහු වුණාට ඒක නිමිති කරගෙන ළමයින්ට පන්ති සරසන්න තිබුණෙත් අද නිසා අපිටත් ඉතින් අද විවේකයක් ලැබෙන එකක් නෑ.
මටයි ගගනටයි ඉස්සරහින් අනන්‍යා ඇවිදන් ගිය නිසා පාරේ යන අතර අපි දෙන්නා පිටිපස්සෙ ඉඳන් කරන කිසි දෙයක් අනන්‍යාට පෙනුණේ නැහැ. ඒත් ගගන මගේ අතින් අල්ලන වාරයක් වාරයක් ගාණේ මං බයේ හිටියේ අනන්‍යා මේ දැන් හැරිලා අපේ දිහා බලයි කියලා.
ඒ අස්සේ ගගන මගේ කම්මුලට පහත් වෙලා කිස් එකකුත් දුන්නා. මං රත් වෙලා හිටියේ අනන්‍යාට මේ ගැන කියන්නත් කලින් ම ඒකි අපේ බෙල්ල මුල්ලෙන් වැඩේ අල්ලගනියි කියලා.
"පිස්සුද අනේ?"
මං හෙමීට මුමුණනලා අහද්දි ගගනට නම් එයා කරාපු වැඩේට හොඳට ම හිනා. ආසා ඇති හිතුණ හිතුණ වෙලාවට මාව ඉඹින්න.
මෙහෙමයි ඉතින්.. එහෙමයි කියලා මගෙත් අකැමැත්තක් නෑ එයා එහෙම කරන එකට. ඒත් ඉතින් මට ඕනේ මගේ ම කටින් මේක අනන්‍යාට පැහැදිලි කරලා කියන්න මිසක් එයා අපි ව හොරෙන් ලව් කරන කපල් එකක් ගාණට අහු කරගන්න නෙවේ. ඒ නිසා මේ මනුස්සයාට පොඩ්ඩක් ඉවසලා ඉන්න බැරි හැටියක්.
හැබැයි එයා එහෙම කරද්දි මගෙත් හැඟීම් ඇවිස්සිලා මටත් මේ පාර මැද්දෙ කියලා බලන්නේ නැතුව එයාගේ ශර්ට් කොලර් එකෙන් තද කරලා අල්ලගෙන සිපගන්න හිතෙනවා.
මට ම තේරෙන්නේ නෑ දැන් දැන් මේ එළියට එන වල් වැදුණු සිතුවිලි මෙච්චර කාලයක් කොහෙද හැංගිලා තිබුණේ කියලා. මෙලෝ මනුස්ස පරාණයක් දැක්කාට හැඟීමක්වත් ඇති නොවුණු මට දැන් ගගන ව දැක්කාත් ඇති හැඟීම් ඇවිස්සෙන්න.
"මේ..."
අනන්‍යා එකපාරට ම අපි දෙන්නාට කතා කරගෙන ම යන ගමන නතර කරලා පිටිපස්ස හැරෙන්න ලෑස්ති වුණ නිසා මං ටක් ගාලා ගගන ව මගෙන් ටිකක් ඈතට තල්ලු කරලා මොකුත් නොවුණ ගාණට අනන්‍යා දිහා බලා උන්නා.
"...මට මොකක් හරි අමුත්තක් දැනෙනවා. අනික ඇයි ඔය දෙන්නා අද හෙන හිමින් ඇවිදින්නේ? මෙහෙම ගියොත් හෙට තමයි ඉස්කෝලෙට යන්න වෙන්නේ."
YOU ARE READING
ගගන මීදුම් | non fiction ( Taekook ) | (Ongoing)
Non-Fictionඅතීතයෙ අපිට අමතක කරන්න බැරි ගොඩක් තැන්වලට දෛවය අපි ව අරන් යන්නෙ අපිට ආයෙ ආයෙමත් රිද්දන්න කියලයි මං හිතාගෙන හිටියෙ. ඒත් දැන් මං විශ්වාස කරනවා, දෛවය එහෙම කරන්නෙ අපිට අලුත් වර්තමානයක් මුණගස්සන්න. - මීදුම් - දඬුවමත් ආශිර්වාදයක් කරන්න පුලුවන්, මගෙ ජීවි...