27

90 23 257
                                    

Gagana's pov

කලින් තොල්වලට කොයි තරම් හාදු දුන්නාත් එතැනින් එහාට යන්න උත්සාහ කරපු වෙලාවේ මට මතක් වුණේ මීට අවුරුදු ගාණකට කලින් මට සිද්ද වුණ ඒ සිදුවීම.. මං කොයි තරම් අමතක කරන්න උත්සාහ කළාත් දිගින් දිගට ම මතක් වෙන ඒ ජරා දවස.

මං හිතන්නත් කලින් මාව මීදුම්ගෙන් ඈත් වුණා. මං අත් දෙකෙන් ම ඔලුව බදාගෙන ඇස් දෙක තද කරලා පියාගත්තේ දෙයියන්ගේ නාමයෙන් මට ඒ දේවල් අමතක වෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්.

මීදුම්ගේ පැත්තෙනුත් සෑහෙන්න වෙලාවක් යනකන් ම කිසි සද්දයක් ඇහුණේ නෑ. සමහරවිට එකපාරට සිද්ද වුණ දේ නිසා එයාත් බය වෙන්න ඇති. ඒත් මට එයාට මේ දේවල් පහදලා දෙන්න තරම්වත් කාලයක් ඒ වෙලාවේ ලැබුණේ නෑ.

මං හරි අසරණ වුණා.. වචනයෙන් කෙනෙක්ට මෙහෙමයි කියලා කියාගන්න බැරි තරමට ම..

"ග..ගගන.."

ටිකකින් මට ඇහුණේ මිමිණීමක් වගේ වුණ මීදුම්ගේ කටහඬ. ඒත් ඒ කටහඬ ගොඩාක් දුර්වල වෙලා. හරියට ඇහුවේ නැත්තන් ඒ සද්දේ ඇහෙන්නෙත් නැති තරම්. ඒ හැමදේම මං නිසා නෙවේද?

මට දැනුණා.. මීදුම්ගේ අතක් හෙමීට මගේ අතක ස්පර්ශ වෙන විදිහ. මෙච්චර වෙලා කලබල වෙලා හිටිය මාව ඒ ස්පර්ශය හරි හෙමීට සන්සුන් ව නිවන්න පටන් ගත්තා වගෙයි මට දැනුණේ.

"ඇයි මේ?"

මීදුම් ආයේමත් අහද්දි මං අමාරුවෙන් වුණාත් ඔලුවේ තිබුණ අත් දෙක අයින් කරගෙන හෙමින් ඇස් දෙක විවෘත කළා. ඒ වෙලාවේ දැක්ක පළවෙනි ම දේ විදිහට මගේ ඇස් ඉස්සරහා පේන්න හිටියේ දැනටමත් ඇස්වල කඳුලු පුරවන් මගේ දිහා බලන් ඉන්න මීදුම්.

එ..එයා අඬනවා.. මගේ වැඩ නිසා ම එයා අඬනවා දෙවියනේ..

මට තවත් දරාගන්න බැරි තැන මං ඉක්මනින් ම මීදුම් ව ඇදලා අරන් මගේ ඇඟට තද කරලා බදාගත්තා.

මුලින් ම මීදුම් මට ඉක්මන් ප්‍රතිචාරයක් දැක්වුවේ නැතත් ටිකකින් ඒ අත් දෙක හෙමීට ඉහළට එසවිලා මගේ ටී ශර්ට් එක තද කරලා අල්ලගත්තා.

"සමාවෙන්න. මං ඔයා ව ඇඬෙව්වා නේද?"

මං මීදුම්ගේ කන ගාවට මගේ කට ළං කරලා හෙමීට මිමිණුවේ අපි දෙන්නා අතර විතරක් ම හුවමාරු වුණ පුංචි සාකච්ඡාවක් විදිහට.

ගගන මීදුම් | non fiction ( Taekook ) | (Ongoing)Where stories live. Discover now