25

95 25 382
                                    

Gagana's pov

මීදුම්ගේ වචන.. ආහ්.. ඒවා මට මගේ පාලනය නැති කරලා දානවා.

එයාට මාව තවත් ඕනේ කියලා කියද්දි පුංචි එක හාදුවකින් නවත්තගත්ත හැඟීම් මට තවදුරටත් නවත්තගෙන ඉන්න බැරි වුණා.

මීදුම් මාව කොයි තරම් එයාගේ ඇඟට තද කරගන්න හැදුවාත් මං බිත්තියට අත තියාගෙන එයාගෙයි මගෙයි අතර පරතරය රැකගන්න පොරකෑවේ.. මොකද එයාගෙන් දැනෙන එක ස්පර්ශය පවා මේ මොහොතේ මට මගේ පාලනය නැත්තට ම නැති කරනවා කියලා මං දන්න නිසා.

මගේ ටී ශර්ට් එක මීදුම්ගේ අත්වල ඇඟිලි අතර හරි තදේට පොඩි වුණා. වේගෙන් හුස්ම වැටෙන ඒ පපුව නිමක් නැතුව උඩ පහළ දුවද්දි මං ඒ දිහා නොබලා ඉන්න පුලුවන් තරම් උත්සාහ කළා.

මං මගේ නළල ඒ රස්නේ නළල උඩ තෙරපවන ගමන් දැනටමත් පියවිලා තියෙන ඒ නොසන්සුන් ඇස් දිහා බලා උන්නා.

කොහොම නම් කියන්නද මට මේ වෙලාවේ දැනෙන දේවල්. ආශාව කියන දේ මීදුම් උපරිමේට ම මට ඇති කරවනවා.

තව තවත් බලා ඉන්න ඉන්න ම සිද්ද වුණේ මටත් ඉවසුම් නැති වුණ එක. මමත් මනුස්සයෙක්.. එහෙව් එකේ මේ දැන් ආදරේ ප්‍රකාශ කරලා ආව මගේ ආදරවන්තයා මාව මේ විදිහට පොළඹවද්දි මං කොහොමද තවත් දරාගෙන ඉන්නේ.

මං තවත් ඉන්න බැරි ම තැන බිත්තිය මත තියාගෙන හිටිය එක අතක් අරන් ඇවිත් මීදුම්ගේ ඉණ කෙලවරින් පරිස්සමට අල්ලගත්තා. ඒ කිසි ම වෙලාවක එයාට රිදෙන්නේ නැති වෙන්න මං වග බලාගත්තා. මොකද මේ ඉන්නේ මං ආදරේ කරන කෙනා. අද ඉඳන් මං මගේ පණ වගේ රකින්න ඕනා කෙනා. එහෙව් කෙනාට මං රිද්දන්න හිතන්නේවත් කොහොමද..

"ම්ම්ම්.."

මගේ අතේ ඇඟිලි එක දෙක මීදුම්ගේ ටී ශර්ට් එකට යටින් ගිහින් ඒ ඉණේ ස්පර්ශ වෙද්දි මීදුම් කටින් පොඩි සද්දයක් දාලා, අමාරුවෙන් ඒක නතර කරගන්න වගේ යටි තොල හපාගත්තා.

"තව ඕනා කිව්වේ.. කොච්චර ඕනාද?"

මං ඒ ඇස්වල ඉඳන් නිකට දක්වාත්.. ආයේමත් නිකටේ ඉඳන් ඇස් දක්වාත් මගේ ඇස් අරන් යන ගමන් මීදුම්ගෙන් අහද්දි මීදුම් හෙමින් ඇස් දෙක ඇරලා මගේ දිහා බැලුවා.

ගගන මීදුම් | non fiction ( Taekook ) | (Ongoing)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ