Midum's pov
එකපාරට මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්ත නිසා ගගන එක්ක කියන්න ගිය කතාව එහෙම ම මග නතර වුණා. මං ටක් ගාලා ෆෝන් එක අරගෙන බැලුවේ කවුද මට මේ වෙලාවේ කතා කරන්නේ කියලා. සාමාන්‍යයයෙන් මේ වගේ අවේලාවේ කතා කළොත් කරන්න ඉන්නේ ඉතින් නංගි විතරයි.
ඒත්..
මං හිතුවා වැරදියි. ෆෝන් ස්ක්‍රීන් එකේ ඒ වෙලාවේ වැටිලා තිබුණේ 'තාත්තා' කියලා වෙද්දි මෙච්චර වෙලා හිනාවෙන් පිරිලා තිබුණ මගේ මූණ මැලවුණා.
මොකද තාත්තා සාමාන්‍යයයෙන් මට කතා කරන්නේ නැති ම තරම්.. මං එයාට කතා කළොත් මිසක්. ඒකත් මේ තරම් රෑ වෙලා කතා කරද්දි මට ඒ ගැන ඒ තරම් හොඳ හැඟීමක් දැනුණේ නැහැ.
"මං.. මේක ටිකක් ආන්ස්වර් කරලා එන්නම්."
"හ්ම්ම්.."
මං ගගනට කියලා ෆෝන් එකත් අරගෙන එතැනින් නැගිට්ටා. කෝල් එක කට් වෙන්න කලින් ම ආන්ස්වර් කරගෙන මං එතැනින් ටිකක් එහාට ගිහින් ඉස්සරහා දොර ගාවින් හිට ගත්තේ උලුවස්සට හේත්තු වෙලා.
"තාත්තේ, ඇයි මෙච්චර රෑ වෙලා?"
"ඇයි? මං මගේ පුතාට කතා කරන්නත් වෙලාවක් වෙන් කරගන්න ඕනාද? ජොබ් එක පටන් ගත්ත ගමන් ඔයා ඒ තරමට ම බිසීද, මීදුම්?"
"ම්හ්.. මං එහෙම දෙයක් නෙවේ කිව්වේ. ඇයි කතා කළේ කියන්නකෝ."
"මං මේ වැඩේ ස්ථීර වුණ ගමන් කතා කළේ. අර මගේ යාලුවා ව දන්නවානේ.. අර අනුරාධ මහත්තයා. අන්න එයාගේ දුව ව බලන්න යන්න දිනයක් දාගත්තා. මේ වෙසක් පෝයට කලින් එන සෙනසුරාදා. ඔයාට ඒ දවසට ගෙදර එන්න කියන්නයි මං කතා කළේ. කලින් ම කියලා තියන එක හොඳයිනේ."
තාත්තා එකපාරට කියද්දි මට දැනුණේ හරියට මගේ ඔලුව උඩට කන්දක් කඩාපාත් වුණා වගේ. එදා එහෙනම් නංගි මට අනතුරු අඟවපු එක ඇත්තක්. තාත්තා ඇත්තට ම ලෑස්ති වෙන්නේ හරියකට තාම කැම්පස් අවුට් වෙලාවත් නැති මාව කසාද බන්ඳන්න.
හහ්.. ඔච්චරට ම මාව ඔයාට කරදරයක්ද තාත්තේ? මාව වදයක්ද? අම්මාගෙන් නිදහස් වුණා වගේ මගෙනුත් ඉක්මනට නිදහස් වෙන්නද ඔයාට ඕනේ?
ВЫ ЧИТАЕТЕ
ගගන මීදුම් | non fiction ( Taekook ) | (Ongoing)
Документальная прозаඅතීතයෙ අපිට අමතක කරන්න බැරි ගොඩක් තැන්වලට දෛවය අපි ව අරන් යන්නෙ අපිට ආයෙ ආයෙමත් රිද්දන්න කියලයි මං හිතාගෙන හිටියෙ. ඒත් දැන් මං විශ්වාස කරනවා, දෛවය එහෙම කරන්නෙ අපිට අලුත් වර්තමානයක් මුණගස්සන්න. - මීදුම් - දඬුවමත් ආශිර්වාදයක් කරන්න පුලුවන්, මගෙ ජීවි...