03

199 44 88
                                    

Gagana's pov

ඉරිදා... වෙනදට නම් ඉරිදා දවස කියන්නෙ මං පහුවදාට ඉස්කෝලෙ යන්න ඕනා කරන දේවල් ලෑස්ති කරගෙන පාඩුවෙ නිදහසේ ඉන්න දවස. ඒත් අද.. අද ඒ කවදාටත් වඩා වෙනස් ඉරිදාවක්.

මං උදේ පාන්දර ම එළියට බැස්සෙ මගෙ ඇඳුම්, එතකොට තව මට ඕනා කරන හැමදෙයක් ම පුරවපු බෑග් දෙක තුනකුයි, මගෙ ආදරණීය ගිටාර් එකයිත් අතින් කරින් එල්ලගෙන. කාර් එකේ පිටිපස්සෙ දොර ඇරලා ඒ ටික කාර් එකට දාපු මං ආයෙමත් ඉක්මනින් ම ගේ ඇතුළට ගියා.

ඒ තරම් ම පාන්දර කෑම කන්න බැරි වුණත් අක්කාගෙ බලකිරීම නිසා ම මට කෑම කන්න ම සිද්ද වුණා. අනික් අතට එයා පාන්දර ම නැගිටගෙන මං වෙනුවෙන් කෑම හැදුව නිසා මං කොහොමද හිතක් පපුවක් නැති මනුස්සයෙක් වගේ එයාගෙ මහන්සිය අහක දාන්නෙ.

"ඔක්කොම ගත්තා නේද? මොකුත් අමතක කළේ නැහැ නේ? නැත්තන් ගිය පයින් ම ආයෙ ගෙදර එන්න වෙයි."

කෑම කාලා ඉවර වෙලා අතත් හෝදගෙන සාලෙට එද්දි අක්කා මගෙන් ඇහුවා.

"මං ඔක්කොම ගත්තා. ඔයා බය නොවී ඉන්නකො කෙල්ලෙ."

මං අක්කාට ඇහැක් ගහලා කියද්දි එයා හිමීට හිනා වෙලා මගෙ උරහිසට ලාවට පාරක් ගැහුවා.

ඒත්.. ඒ හිනාව අස්සෙන් එයාගෙ ඇස්වලට උනලා තිබුණ කඳුලු මං දැක්කෙ නෑ කියලද හිතන්නෙ? අපෝ නෑ. මං හොඳට ම දැක්කා එයා අඬන්න ඔන්න මෙන්න ඉන්නෙ කියලා. මට කරන්න අමාරු ම දේ එයාගෙ ඇස්වල කඳුලු දකින එක වෙද්දි මං හෙමීට බිම බලාගත්තා.

මට තාමත් ඕනෙ මේ ගමන නොයා ගෙදරට වෙලා ඉන්න. ඒත් ඒක එහෙම කරන්න පුලුවන්කමක් මට නැහැ. මං ඇත්තට ම අසරණයි.

මං එහෙම ම පහත් වෙලා අක්කාගෙ කකුල් දෙක අල්ලලා වැන්ඳෙ ආයෙ මාස ගාණකට මට එයාගෙ කකුල් දෙක අල්ලනවා තියා එයාගෙ මූණවත් දකින්න වෙන්නෙ නෑ කියන සිතුවිල්ල මගෙ හිතට වද දෙද්දි.

දන්නවද? අපේ අම්මා පොඩි කාලෙ ඉඳන් ම මට පුරුදු කළා අම්මාට තාත්තාට වඳිනවා වගේ ම අක්කාගෙත් කකුල් දෙක අල්ලලා වඳින්න. මං පොඩි කාලෙ නම් ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. මේ ලෝකෙ කවුද අනේ කැමති තමන්ගෙ සහෝදරයෙක්ට දණ ගහලා වඳින්න.

ගගන මීදුම් | non fiction ( Taekook ) | (Ongoing)Where stories live. Discover now