02

230 42 79
                                    

Gagana's pov

"ඔයා ආවාද?"

මං ගෙට ගොඩ වෙද්දි ම අක්කා කොහෙදෝ මන්දා ඉඳන් මගෙ ළඟට දුවගෙන ආවා.

"හ්ම්ම්. අක්කාට අද වැඩ නැද්ද?"

"අද මට නයිට් ඩියුටි. රෑට කෑම ටික හදලා ඉවර වෙලා ලෑස්ති වෙන්න ඕනා. කෝ ඔය බඩු ටික දෙන්න. මං ගන්නම්."

අක්කා මගෙ අතේ තිබුණ බඩු ටික එයාගෙ අතට අරගනිද්දි මං මොකුත් නොකියා එයාට ඒකට ඉඩ දුන්නා.

"වතුර එකක් ගෙනත් දෙන්නද, ගගන?"

"ඕනෙ නෑ. මං ගන්නම්."

අක්කා එහෙමම කුස්සිය දිහාවට යද්දි මාත් හෙමීට එයාගෙ පස්සෙන් ඒ පැත්තට ගියා. ශර්ට් එකේ උඩ ම බොත්තම ලිහිල් කරගෙන මං රැක් එකෙන් ගත්ත වීදුරුවක් ෆිල්ටර් එකට අල්ලගෙන බලන් හිටියෙ ඒක පිරෙනකන්.

"ඔයා දැන් අරලගන්විල යන්න බඩු ලෑස්ති කරගෙන ඉවරද?"

අක්කා ගෑස් ලිපේ ගින්දර අඩු කරලා ලිපේ තිබුණ හොද්ද හැඳිගාන ගමන් ඇහුවෙ මගෙ දිහා නොබලා.

"හෙට දවසත් තියෙනවනෙ. මං හිමීට ඒ ටික ලෑස්ති කරගන්නම්..."

තිබුණ මහන්සියටත් එක්ක මං කතාව මගින් නතර කරලා වතුර වීදුරුව ම එක හුස්මට බීගෙන ගියා. අවසානෙදි ලොකු හුස්මක් පිට කරපු මම වීදුරුව ආයෙමත් රැක් එකෙන් තියලා හෙමීට අක්කා ගාවට ළං වුණා.

"...මං වද වෙන්නෙ ඔයා ගැන. මං කොහොමද අක්කා ව මේ ගේ ඇතුළෙ තනියම දාලා අච්චර ලොකු දුරක් යන්නෙ?"

මට වඩා ටිකක් මිටි අක්කාගෙ උරහිස උඩින් ඔලුව තියාගෙන මං මිමිණුවා. මට දුකයි. මගෙ වැඩ නිසා මගෙ අක්කාට දුක් විඳින්න වෙන එක ගැන මට ගොඩක් දුකයි.

මීට අවුරුදු පහකට කලින් අපේ අම්මා පිළිකාවක් එක්ක පොර බදලා පොර බදලා අවසන් හුස්ම හෙලද්දි, අවුරුදු ගාණක් අම්මාට මහ මෙරක් තරම් ආදරේ කරපු තාත්තා, අම්මාගෙ මරණෙන් මාස තුනක් යන්නත් කලියෙන් සියදිවි නසාගනිද්දි මට කියලා ඉතුරු වුණේ මගෙ අක්කා විතරයි.

අම්මායි, තාත්තායි දරුවො වෙනුවෙන් උහුලන්න ඕනා දුක මගෙ අක්කා තනි ගැහැනියක් විදිහට උහුලද්දි, මං එයාගෙ හයිය විදිහට එයාගෙ ළඟින් ම ඉන්න ඕනා වුණත් මං හැමදාමත් කළේ එයාගෙ කරදර තවත් වැඩි කරපු එක විතරයි. වෙලාවකට මට මාව ම දැනුණෙ මහ පවුකාරයෙක් විදිහට.

ගගන මීදුම් | non fiction ( Taekook ) | (Ongoing)Where stories live. Discover now