15

184 34 367
                                    

Gagana's pov

අපි තුන් දෙනා කෑම මේසෙන් වාඩි වෙද්දි ප්‍රින්සිපල් සර්ත් ඇවිත් අපිත් එක්ක එකතු වුණා.

මං මුලින් හිතා උන්නේ ප්‍රින්සිපල් සර්ගේ ගෙදර තවත් කට්ටිය ඇති කියලා වුණාට මේ මුලු ගෙදරට ම ඉන්නේ ප්‍රින්සිපල් සර් එක්ක ගෙදර වැඩ කරන ගැහැනු කෙනායි, පිරිමි ළමයායි විතරයි කියලා දකිද්දි මං පුදුම වුණා.

"අර මහත්තයාලා බල බලා හිටපු පින්තූරේ ඉන්නේ අපේ නෝනා. එයැයි නැති වෙලා දැන් අවුරුදු නවයක් විතර වෙන්න එනවා..."

මූලාසනය හොබවාපු ප්‍රින්සිපල් සර්, අපි කලින් බල බලා හිටපු ෆොටෝ එකක් පෙන්නන ගමන් අතීත කතාවකට මුලපිරුවා.

"...එතකොට ඔය ඒ ළඟට ම වෙන්න තියෙන අනික් පින්තූරේ ඉන්නේ මගේ එක ම දුව. එයා කොළඹ විස්වවිද්‍යාලේ ඉගෙන ගන්නේ. බොහෝම දුර බැහැර නිසා ඉතින් මාස කිහිපයකට සැරයක් තමයි ගෙදර එවෙන්නේ."

ප්‍රින්සිපල් සර් පැහැදිලි කරද්දි අපි තුන් දෙනා ම හැරිලා බැලුවේ සාලේ තියලා තිබුණ ප්‍රින්සිපල් සර්ගේ දුවගේ ෆොටෝ එක දිහා. ප්‍රින්සිපල් සර්ගේ ෆීචර්ස් ටිකක් තිබුණාට මොකෝ එයා තනිකර ම ප්‍රින්සිපල් සර්ගේ නෝනාගේ කොපියක් වගේ. එයා හරි ලස්සනයි. මූණ පුරා ම ලියවිලා තිබුණේ හරි අහිංසක බවක්. බැලූ බැල්මට ම පේන්න තිබුණෙත් ප්‍රින්සිපල් සර්ට ම නොදෙවෙනි උගත්කමක්.

මොකක් හරි හේතුවකට අනන්‍යා තමයි ප්‍රින්සිපල් සර්ගේ දුවගේ දිහා උනන්දුවෙන් ම බැලුවේ.

මීදුම් නම් ඉන්නවා මගෙ ළඟින් ම වාඩි වෙලා හැටට හැටේ ඔරවන ගමන්. ඔය මාත් එක්ක තරහින් ඉන්නේ මං ගන්න ගියේ මොනාද කියලා එයාට කිව්වේ නැති එකටනේ. මං ඒක කියන්න යද්දි ම ප්‍රින්සිපල් සර් ආව එක ඉතින් මගේ වැරැද්දක් නෙවේ නේ.

අනික් අතට මං ගත්ත දේ එහෙම ප්‍රින්සිපල් සර් ඉස්සරහා කියන්න පුලුවන් දෙයක් නෙවේ. ඒ නිසා ඒ වෙලාවේ මං මීදුම්ගේ ඒ ප්‍රශ්නෙන් හෙමීට පැනලා ගියා.

එක වෙලාවකට නම් මීදුම් පොඩි ළමයෙක් ම තමයි. බලන්න එපැයි මට ඔරවනකොට ඒ මූණේ ලස්සන..

ගගන මීදුම් | non fiction ( Taekook ) | (Ongoing)Donde viven las historias. Descúbrelo ahora