28

100 23 257
                                    

Gagana's pov

"අහ්ම්.."

කෙනෙක් උගුර පාදන හඬ ඇහෙද්දි අපි දෙන්නා ඉක්මනින් ම එකිනෙකාගෙන් ඈත් වුණේ කලබලයෙන්. මං ඒ ක්ෂණික බැලුවේ ගේට්ටුව තියෙන පැත්තෙන් ඇහුණ ඒ හඬ කාගෙද කියලා.

ඉවරයි..

ඒ.. ඒ හිටියේ ප්‍රින්සිපල් සර්..!!

එයා ඇස් කණ්ණාඩියට උඩින් අපි දෙන්නා දිහා බලන් හිටියේ අමුතුවට. එයාට මුහුණ දෙන්න ඕනේවත් කොහොමද කියලා ඒ වෙලාවේ හරි අදහසක් තිබුණේ නැති තැන මං මීදුම් දිහාත් බලලා ආයේමත් හොරැහින් ප්‍රින්සිපල් සර් දිහා බැලුවා.

අනිවාර්යයෙන් ම එයා දකින්න ඇති අපි දෙන්නා හිටිය විදිහ. අපි දෙන්නා බදාගෙන හිටියේ කොහෙත් ම යාලුවෝ දෙන්නෙක් ඉන්නවා වගේ නෙවේනේ. මට බය හිතුණේ ප්‍රින්සිපල් සර් ඒ ගැන වැරදියට හිතයි කියලා.

ඒත්..

"මහත්තයලා දෙන්නා කරන දෙයක් ඇතුළට ගිහින් කළා නම් නේද හොඳ? මේ පාරේ නිතරෝ ම මිනිස්සු එහාට මෙහාට යනවාත් එක්කනේ. කවුරු හරි දැක්කොත් එහෙම.. මහත්තයලාට තේරෙනවානේ."

ප්‍රින්සිපල් සර් කිව්වේ මං හිතුවාට වඩා හාත්පසින් ම වෙනස් කතාවක් වෙද්දි මට එකපාරට හිතාගන්න බැරි වුණා. මං එහෙම ම පුදුමය පිරුණ ඇස්වලින් බැලුවේ මීදුම් දිහා. එයාත් ඉන්නවා කිසි දෙයක් හිතාගන්න බැරුව.

"මහත්තයලා පුදුම වෙලා වගේ මොකද මේ?"

ප්‍රින්සිපල් සර්ත් පුදුම ප්‍රශ්න තමයි අහන්නේ. පුදුම නොවී කොහොමද ප්‍රින්සිපල් සර් ඒ කියපු කතාවට.

"සර්, ඇතුළට යමුද?"

මං මොකුත් කර කියාගන්න බැරුව ඉද්දි මීදුම් ඉස්සර වෙලා ප්‍රින්සිපල් සර්ගෙන් ඇහුවා.

"ම්ම්.. මං මේ වෙන ගමනක් යන ගමන් හිටියේ. ඔය දෙන්නා ව දැක්ක නිසා තමයි මේ පැත්තට ආවේ නම්. කමක් නෑ අපි යමුකෝ එහෙනම් ඇතුළට."

ප්‍රින්සිපල් සර්ගේ උත්තරයත් එක්ක අපි තුන් දෙනා ම ගුරු නිවාසේ ඇතුළට ගියා. ඒත් මට නම් තාමත් හිතාගන්න බෑ ප්‍රින්සිපල් සර් වගේ කෙනෙක් අපි දෙන්නා හිටිය විදිහ ගැන වැරදියට හිතුවේ නෑ කිව්වා ම.

ගගන මීදුම් | non fiction ( Taekook ) | (Ongoing)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ