Vomiting is mentioned in this part !!
__________________________________________________________
Gagana's pov
"එ.. එයා..."
මීදුම් හරි උනන්දුවෙන් මගෙ දිහාවට කන් දීගෙන හිටියේ මං කියන්න යන්නේ කා ගැනද කියලා දැනගන්න. එයා නම් එක බියර් ටින් එකෙන් ම සුපිරියට ම මත් වෙලා ඉන්නේ. මටත් ටිකක් වැඩියි තමයි. හැබැයි මට මීදුම් තරම් අවුලක් නෑ.
මගෙ හිත ඇතුළේ කොයි තරම් දේවල් තෙරපුණාත් මං කොහොමද ඒ එක දෙයක්වත් මීදුම්ට කියන්නේ. මීදුම්ගේ කටේ බලේට වගේ ම බියර් එකේ පවර් එකට මගේ දිව අගට ම ඒ නම ආවාට මොකෝ එතැනින් එහාට ඒ නම එළියට දාන්න තරම් ශක්තිමත් මනුස්සයෙක් නෙවේ මම.
"... කවුරුත් නෑ."
"ආහ්.. මොනාද අනේ.. දැන් කලින් කිව්වේ කෙනෙක් හිටියා කියලා. දැන් කියන්නේ කවුරුත් නෑ කියලා. එකක් කියන්නකෝ."
ඔලුවත් කස කසා මීදුම් කෑගැහුවෙ මං එයා ව අවුල් කළා කියලා මට බැන බැන. ඒත් මං මොනා කරන්නද, මීදුම්. මං මතක් කරන්න අකැමති අතීතය මං කොහොමද හිත හදාගෙන ඔයාට කියන්නේ..
ඒත් මට එක දෙයක් ඔයාට ස්ථීරෙට ම කියන්න පුලුවන්. ඒ මන්දාකිණියි මායි අතර යාලුකමකට එහා කිසි ම දෙයක් නෑ කියන එක. මන්දාකිණි මොන විදිහට හිතුවාත් මගේ හිත ගැන මට විශ්වාසයි.
"ඔයා හොඳට ම මත් වෙලා ඉන්නේ, මීදුම්. ඒ නිසා ඔයා කියන්නේ කරන්නේ මොනාද කියන දේ ගැන ඔයාටවත් අදහසක් නෑ. ඒ නිසා දැන් අපි මේ කතාව නතර කරමු. ඒක තමයි හොඳ ම දේ."
මං මීදුම්ගේ අතේ තියෙන හිස් බියර් ටින් එකත් උදුරගෙන මගෙ බියර් ටින් එකත් එක අතකට අරගෙන බැරි බැරි ගාතෙ ම එතැනින් නැගිට්ටා. මීදුම් නම් ඉන්නවා කටත් ඇරන් මගෙ දිහා බලාගෙන.
මං ඒ දෙක ගිහින් කුස්සියෙන් තියලා ආපහු එනකනුත් මීදුම් තාමත් ඇඳට හේත්තු වෙලා බිම ඉඳගෙන.
"කෝ.. අත දෙන්න."
මේ වෙලාවේ මත් වෙලා ඉන්න තරමට තනියම නැගිටගන්න තරම් පුලුවන්කමක් මීදුම්ට නෑ කියලා දන්න නිසා මං ගිහින් එයාගේ ළඟින් හිටගෙන ඒ පුදුමෙන් පිරුණ මූණ දිහාවට මගේ දකුණු අත දික් කළා. හැබැයි එහෙමයි කියලා මටත් ඒ හැටි පණක් තිබුණේ නැහැ.
YOU ARE READING
ගගන මීදුම් | non fiction ( Taekook ) | (Ongoing)
Non-Fictionඅතීතයෙ අපිට අමතක කරන්න බැරි ගොඩක් තැන්වලට දෛවය අපි ව අරන් යන්නෙ අපිට ආයෙ ආයෙමත් රිද්දන්න කියලයි මං හිතාගෙන හිටියෙ. ඒත් දැන් මං විශ්වාස කරනවා, දෛවය එහෙම කරන්නෙ අපිට අලුත් වර්තමානයක් මුණගස්සන්න. - මීදුම් - දඬුවමත් ආශිර්වාදයක් කරන්න පුලුවන්, මගෙ ජීවි...