Assaulting is mentioned in this part !!
________________________________________________________
Midum's pov
හවස ගගන එයාගේ ගිටාර් එකත් කරේ දාගෙන ලෑස්ති වෙලා හිටියේ මගෙත් එක්ක පොඩි ගමනක් යන්න ඕනා කියලා. මටත් ඒ වෙද්දි අමාරුව අඩු වෙලා තිබුණ නිසා මාත් යන්න කැමති වුණා. කොහොමත් ටිකක් එළිය පහළියේ ඇවිදලා එන එක හොඳයිනේ මේක අස්සේ ම හිර වෙලා ඉන්නවාට වඩා.
ඇත්තට ම.. ගගන අද ඔය ගිටාර් එක එළියට ගත්තාට පස්සේ තමයි මට මතක් වුණෙත් එයා මෙහෙ එද්දි එහෙම එකක් අරන් ආවා නේද කියලා. නැත්තන් මේ වෙනකන් ම මට ඕක අමතක වෙලා තිබුණේ.
එයා මාව එක්කන් යන්නේ කොහෙද කියලා ඇහුවාට හරියකට තැනක් කිව්වේ නෑ. එයා කලින් දවසක ප්‍රින්සිපල් සර්ගෙන් අහගත්ත තැනක්ලු ඒක. එයාගේ අර සංසාරගත ප්‍රේමය ගැන එයා ඒ යන ගමන් කියන්නම් කිව්වා.
මාත් ඉතින් ඕක දැනගන්න තියන උවමනාවට ඕන දීපංකරේක යන්න හා කිව්වාට මොකෝ මාව මරලා හංගන්න එක්කන් යනවාද දන්නෙත් නෑ මේ මනුස්සයා. කියන්න බෑ නේ. අර ෆිල්ම්ස්වල වගේ මෙයාත් දාම ඝාතකයෙක් නම් එහෙම.. මට බුදු සරණයි දෙවි පිහිටයි නේ..
"යමුද?"
"හ්ම්ම්.."
ගගන අහද්දි මං කටින් පොඩි සද්දයක් දාලා ඔලුව වැනුවා. ගගනට කලින් ඉස්සර වෙලා මං ගුරු නිවාසෙන් එළියට ගියේ ඊයේ රෑ සිද්ද වුණායි කියන දේවල්වල හැටියට මට තාමත් ගගනට මුහුණදීගන්න ටිකක් අමාරු නිසා. ලැජ්ජායි අයියෝ මට..
ආ.. ගගන මට සිද්ද වුණ දේවල් ඔක්කොම කිව්වානේ. එයා ව මගේ ඇඟ උඩට වැටුණා කියලා මූණත් රතු කරගෙන කියලා මේ මිනිහා මගෙන් සමාවත් ඉල්ලුවා. මාව අත් දෙකට උස්සලා අරන් ඇඳෙන් තිබ්බෙත් එයාලු. ඒ මදිවාට මං බරයිලු. හහ්.. ඔන්න ඕවාට තමයි මට නගින්නේ.. තරහා..
හැබැයි මොනා වුණාත් ගගන හරි හොඳයි අප්පා. උදේ ඉඳන් එයා හැමවෙලේ ම මගෙ ගැන හරීයට හොයලා බැලුවා. මට පව් කියලාත් හිතුණා..
මං එළියට එද්දි ගගනත් මගෙ පස්සෙන් ආවා. මං ඉතින් එයාට පිටුපාලා ඒ ඇස්වලට නොපෙනෙන්න හිනා වුණා. මෙහෙම මනුස්සයෙක් නම් මට මගේ ජීවිතේට මීට කලින් මුණගැහිලා ම නෑ.
ВЫ ЧИТАЕТЕ
ගගන මීදුම් | non fiction ( Taekook ) | (Ongoing)
Документальная прозаඅතීතයෙ අපිට අමතක කරන්න බැරි ගොඩක් තැන්වලට දෛවය අපි ව අරන් යන්නෙ අපිට ආයෙ ආයෙමත් රිද්දන්න කියලයි මං හිතාගෙන හිටියෙ. ඒත් දැන් මං විශ්වාස කරනවා, දෛවය එහෙම කරන්නෙ අපිට අලුත් වර්තමානයක් මුණගස්සන්න. - මීදුම් - දඬුවමත් ආශිර්වාදයක් කරන්න පුලුවන්, මගෙ ජීවි...