Gagana's pov
මීදුම් බලාගෙන ඉඳලා තියෙන්නේත් මං එයාට කතා කරනකන් කියලා දැනගනිද්දි මට හරි අමුත්තක් දැනුණා. මං එයා ගැන හිතේ ඇති කරන් ඉන්න සිතුවිලිවලට එයා ම රුකුල් බඳිනවාදෝ කියලාත් වෙලාවකට මට හිතෙනවා.
එක්කෝ වෙලාවකට හිතෙනවා මීදුම් ඕන දෙයක් හිතාගත්ත දෙන් කියලා මේ හිත ඇතුළේ තෙරපෙන හැමදෙයක් ම එකපාර එයාට කියලා දාන්නත්. ඒත් ඊටපස්සේ මීදුම්ගේ ප්රතිචාරය ඍණාත්මක වුණොත් ඒකට මුහුණදෙන්න තරම් මං ශක්තිමත් නැතුව ඇති කියලාත් මට හිතෙනවා.
ඒ විදිහට බලද්දි මට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කාලයට ඉඩ දීලා සිද්ද වෙන දෙයක් දිහා බලන් ඉන්න විතරයි.
අක්කාත් හොස්පිට්ල් එකට ගිය නිසා එදා දවස ම මට ගෙදර ඉන්න සිද්ද වුණේ තනියම. ඉතින් මට ඊයේටත් වඩා වැඩියෙන් අද මීදුම් ව මතක් වෙන්න ගත්තා. අපි ගුරු නිවාසෙ හිටියා නම් මෙලහටත් මීදුම් කියන මොකක් හරි පිස්සු කතාවක් අහන් ඉන්න තිබුණා. එයා එක්ක ඉද්දි නම් මෙහෙමයි කියලාවත් පාලුවක් දැනෙන්නේ නෑ.
මං සාලේ සෝපාවට වෙලා කකුල් දෙකත් නවාගෙන අතේ නියපොත්තකුත් හප හපා කල්පනා කළේ මට මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ අතරයි මං දැක්කේ සාලේ බිත්තියේ එල්ලලා තියෙන ෆොටෝ එකේ ඉන්න අම්මායි තාත්තායි ඒ මූණුවල තියෙන ලස්සන හිනාවල් එක්ක මගේ දිහා බලන් ඉන්න විදිහ. ඔව්.. ඒ තමයි අර මං මීදුම්ට පෙන්නුව ෆොටෝ එක.
"අම්මේ, තාත්තේ..."
කිසි සද්ද බද්දයක් නැති සාලේ පුරා මගේ කටහඬ දෝංකාර දෙද්දි මං ඒ දෙන්නාට කතා කළා.. ගොඩාක් කාලෙකට පස්සේ.
"...ඔයා ගහපු පාරවල් ටික මට තාමත් මතකයි, තාත්තේ. ඒ නිසායි මේ පාර මං මේ හොඳට කල්පනා කරන්නේ. ඒත් ඔන්න කල්පනා කරලා වැඩි වෙලා මං පිස්සෙක් වුණොත් ඔයා තමයි හොඳේ.. ඇයි අනේ ඔයාලා දෙන්නා කලින් ම යන්න ගියේ? මාත් එක්ක හිටියා නම් මං අද මේ ප්රශ්නෙ කෙලින් ම ඔයාලාගෙන් ඇවිත් අහනවානේ..."
මගෙ නහය ටිකක් බර වීගෙන ආවා. ඇස් දෙකත් යන්තම් බොඳ වීගෙන එද්දි මං කණ්ණාඩි දෙක ගලවලා අතට අරගෙන ඇඟිලිතුඩුවලින් ඇස් දෙකේ මුලු දෙක තද කරගත්තා.

VOUS LISEZ
ගගන මීදුම් | non fiction ( Taekook ) | (Ongoing)
Non-Fictionඅතීතයෙ අපිට අමතක කරන්න බැරි ගොඩක් තැන්වලට දෛවය අපි ව අරන් යන්නෙ අපිට ආයෙ ආයෙමත් රිද්දන්න කියලයි මං හිතාගෙන හිටියෙ. ඒත් දැන් මං විශ්වාස කරනවා, දෛවය එහෙම කරන්නෙ අපිට අලුත් වර්තමානයක් මුණගස්සන්න. - මීදුම් - දඬුවමත් ආශිර්වාදයක් කරන්න පුලුවන්, මගෙ ජීවි...