13

184 34 177
                                    

Gagana's pov

මීදුම් එකපාරට කරපු දේට මං බය වුණේ නෑ කිව්වොත් ඒක බොරුවක්. ඒත් ඊටත් වඩා මං පුදුම වුණා. මොකද සාමාන්‍යයයෙන් මනුස්සයෙක් තවත් මනුස්සයෙක්ට මෙහෙම බදාගෙන ස්තූති කරන්නේ නැහැ. ඒකත් මෙච්චර වෙලා මගෙත් එක්ක තරහින් හිටිය මීදුම් වෙද්දි මට හිතා ගන්න බැරි වුණා.

එයා ව මට මගෙන් ඈත් කරන්නත් බෑ. ඒ තරමට ම තදින් එයා මාව බදාගෙන හිටියේ. අනික් අතට මං එහෙම කරන එක හරිත් නෑ. මං නිකන් හරියට දෙලොවක් අතර තනි වෙලා වගේ.

ඇත්තට ම කිව්වොත් මේක මීදුම් මේ විදිහට මාව බදාගත්ත දෙවැනි වතාව. එදා නම් එයා ඒ දේ කළේ හීනෙන් වුණාත් අද එයා ඉන්නේ හොඳ කල්පනාවෙන්. අනිත් එක මං තේරුම් ගත්ත විදිහ හරි නම් එයා එදා හීනෙන් කියෙව්වේ වෙන කවුරු හරි කෙනෙක් ගැන. ඒ නිසා මං ඒ ගැන වැඩිය හිතන්න ගියේ නැහැ.

ඒත් අද.. අද තත්ත්වය ඊට හාත්පසින් ම වෙනස්. අද මීදුම් දන්නවා එයා බදාගෙන ඉන්නේ මාව බව. ඒ වගේ ම එයා කියපු වචන නිසා මං දන්නවා එයාට අද බදාගන්න උවමනාව තියෙන්නෙත් මාව බව.

"ඔයා.. අඬනවාද, මීදුම්?"

ඒ මූණ නොදැක්කාත් සැරින් සැරේ එයා නහය උඩට අදින විදිහ මට තේරුම් කරලා දුන්නේ මීදුම් අඬනවා කියලා. ඒත් ඇයි? මං එයාගේ අත් දෙකේ බෙහෙත් ගාපු පලියට ඇයි එයාට ඇඬෙන්නේ?

හැබැයි කලින් මං බෙහෙත් ගාන අතරෙත් මීදුම් දිහා බලද්දි ඒ ඇස්වලට යාන්තම් උනලා තිබුණ කඳුලු මං දැක්කා. මං ඒ වෙලාවේ හිතුවේ අත් දෙක දැවිල්ල අල්ලලා තිබුණ නිසා එයාගෙ ඇස්වලට කඳුලු එන්න ඇති කියලා. ඒත් දැන් නම් මට තේරෙන්නේ ඒක එහෙම නෙවේ කියලයි.

"ස්..සොරි.."

මං කල්පනාවක ගිලිලා ඉන්න අතරේ තමන්ගේ අත්වල ග්‍රහණය ලිහිල් කරපු මීදුම් හෙමින් මගෙන් ඇත් වුණා. එයා අඬලා ම වෙනස් වුණ කටහඬින් බිම බලාගෙන ම සමාව ඉල්ලද්දි මං එක අඩියක්වත් එහාට නොවී දිගට ම මීදුම් ගාවට වෙලා හිටියා.

හොරෙන් වගේ ඇස්, කම්මුල් පිහදාගත්ත මීදුම් දිගට ම කළේ මගෙ මූණ මගහරින්න ඕනාවට වගේ බිම බලාගෙන හිටිය එක විතරයි.

ගගන මීදුම් | non fiction ( Taekook ) | (Ongoing)Where stories live. Discover now