Midum's pov
මහා පාන්දර ජාමේ ඇහැරුණ නිසාද කොහෙද ඉතුරු පැය කිහිපය ම මට මැරුවා වගේ එක ම නින්දයි. ඒත් ඉතින් සැප නින්දකට අපිට කොහෙන්ද වාසනාවක්.
ඈතින් කුකුළෙක් දෙන්නෙක් උදේ පාන්දර කෑගහලා වැඩ අල්ලන සද්දෙ අස්සෙ හීනෙන් වගේ මට ඇහුණේ හොඳ...ට අහලා පුරුදු මියුසික් කෑල්ලක්. මං ඇස් දෙක වහගෙන ම කල්පනා කළේ මට කොහෙන්ද ඒක මීට කලින් ඇහිලා තියෙන්නේ කියලා.
පොඩ්ඩක් ඉන්න මතකය අවදි කරලා බලන්න..
අඩෝ.. ඒ මගේ ෆෝන් එකේ රිගින් ටෝන් එක නේද?
නිදි විකාරෙන් වගේ ඔහේ කල්පනා කර කර හිටපු මම තත්ත්පරයෙන් ඇස් දෙක ඇරගෙන ඇඳ උඩ කෙලින් වෙලා වාඩි වුණේ හරියට ඉද්ද ගැහුවා වගේ.
මං හිතාපු විදිහ හරියට ම හරි කියලා මට තේරුණේ කොට්ටෙ පැත්තකට යට වෙලා තොරතෝංචියක් නැතුව කෑගහන මගෙ ෆෝන් එක දකිද්දි. මං නිදි ගැට කඩ කඩා ම ෆෝන් එක අතට ගත්තේ හෙමින් සැරේ මගෙ වම් පැත්තෙ නිදාගෙන ඉන්න ගගන දිහාවටත් ඇස් හරවන ගමන්.
එයා නම් ඔය යස අපූරුවට නිදාගෙන ඉන්නේ. මහ පාන්දර තිස්සේ මගේ නින්ද කඩලා එයා මටත් පිටිපස්ස හරවගෙන බබා වගේ දොයි.
මං කටත් පොඩ්ඩක් ඇද කරලා ගගනට එරෙව්වේ නිදාගෙන ඉන්න එයාට ඒක පේන්නේ නෑ කියලා දන්න නිසා ම යි. ප්රසිද්ධියේ ඔරවන එක සදාචාර සම්පන්න නෑ නේ මොනා වුණත්.
මං ලොකු හුස්මකින් පෙනහලු පුරවගන්න ගමන් ආයෙමත් අවදානේ දුන්නේ මගේ ෆෝන් එකට.
ඒත් මං එකපාරට පුදුම වුණේ ඒ කතා කරන නම්බර් එක අපේ නංගිගේ කියලා දකිද්දි. තාමත් වෙලාව පාන්දර පහයි තුනයි. ඇහැරුණ වෙලාවේ ඉඳන් දෙයියනේ කියලා මට නිදාගන්න හම්බවෙලා තියෙන්නෙත් පැය එක හමාරක් වගේ පොඩි වෙලාවක් විතරයි.
එහෙව් එකේ මේ උදේ පාන්දර නංගි කතා කරන්නේ ඇයි කියලා මට හිතාගන්න බැරි වුණා. ඊටත් වඩා මට බය හිතුණා එයා එහෙම හදිස්සියෙන් වගේ කතා කරද්දි.
මං ටක් ගාලා ෆෝන් එක අතට අරගෙන සද්ද නැතුව ඇඳෙන් බැහැලා යන්න හැදුවේ මගේ කෝල් එක නිදාගෙන ඉන්න ගගනට බාධාවක් වෙයි කියලා හිතුණ නිසා වුණත් ඇඳෙන් ඇහුණ ජර බරස් සද්දෙ ම ඇති නිදාගෙන ඉන්න ඇතෙක් වුණත් ඇහැරවන්න.

YOU ARE READING
ගගන මීදුම් | non fiction ( Taekook ) | (Ongoing)
Non-Fictionඅතීතයෙ අපිට අමතක කරන්න බැරි ගොඩක් තැන්වලට දෛවය අපි ව අරන් යන්නෙ අපිට ආයෙ ආයෙමත් රිද්දන්න කියලයි මං හිතාගෙන හිටියෙ. ඒත් දැන් මං විශ්වාස කරනවා, දෛවය එහෙම කරන්නෙ අපිට අලුත් වර්තමානයක් මුණගස්සන්න. - මීදුම් - දඬුවමත් ආශිර්වාදයක් කරන්න පුලුවන්, මගෙ ජීවි...