11

151 34 79
                                    

Midum's pov

"මිස්ටර් මීදුම්, ඔයා උගන්නන්න පාවිච්චි කරන ටෙක්නික්ස් නියමයි. හැබැයි ඉගැන්වීමේ වේගය තව ටිකක් වැඩි කරන්න ඕනා. මොකද සිලබස් එක අදාල කාලය ඇතුළත ඉවර කරන එක වැදගත්. ස්පෙශලි මේ ළමයි ඊළඟ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගෙට මුහුණදෙන්නත් ඉන්න නිසා."

මැඩම් කෙල්ල පන්තියෙන් එළියට යන්න කලින් මට උපදෙස් වගයක් දුන්නා. අනේ එයා නම් මාර ම හොඳයි අප්පා.. මං ඉතින් බොරුවට නේ බය වෙලා තියෙන්නේ.

"තැන්ක් යූ මැඩම්. මං අනිවාර්යයෙන් ම එහෙම කරන්නම්."

"එතකොට.. ආෆ්ටර් ස්කූල් එක්ස්ට්‍රා ක්ලාසස් ගැන එහෙම කොහොමද?"

"ප්‍රින්සිපල් සර් අපි එක්ක ඒ ගැන කතා කළා, මැඩම්. කලින් හිටපු ටීචර්ස්ලාත් මෙහෙන් යන්න කලින් හවස පන්ති කළා ලු. අපිටත් ලබන සතියේ ඉඳන් පටන් ගන්න කියලායි ප්‍රින්සිපල් සර් කිව්වේ."

"ඒක හොඳයි."

මැඩම් මට පොඩි හිනාවක් දාලා එළියට යද්දි මෙච්චර වෙලා හිර කරගෙන හිටිය හුස්ම හයියෙන් පහත දාපු මම එහෙම ම ගුරු පුටුවට බර වුණා. පුදුමාකාර නිදහසක් දැනෙන්නේ. තව ඩිංගෙන් මෙච්චර වෙලා තිබුණ පීඩනේට මාව පුපුරලා ගිහින් මෙතන ම අභ්‍යාවකාශගත වෙනවා.

කොහොම හරි එදා දවසත් ඉස්කෝලේ වැඩ ඉවර කරලා අපි තුන් දෙනා ආයේ ගුරු නිවාසෙට යන ගමන් හිටියේ. අනන්‍යා නම් ළමයින්ගේ පොත් ගොඩකුත් බදාගෙනයි ඉස්කෝලෙ ගේට්ටුවෙන් එළියට අඩිය තිබ්බේ. මං ඇහුවා ම කිව්වේ ළමයින්ට දුන්න ගෙදර වැඩ වගයක් බලන්න තියෙනවා කියලා.

මායි ගගනයිත් ඉතින් ඒකි පව් නිසා පොත්වලින් ටික ටික අපේ අත්වලට අරගත්තා.

අර ගගන මට මල් කඩලා දුන්න පුංචි වැව පහු කරගෙන එද්දි මට ඒ දිහා බැලුණේ ඉබේට ම යි. මට හිනා යන්නත් ආවා ඒ සිද්ධිය මතක් වෙලා. මං අර දෙන්නාට පේන්නේ නැති වෙන්න හොරෙන් වැව පැත්ත බලාගෙන හිනා වුණේ මගෙ කම්මුල් දෙක රත් වෙනවා වගේ දැනෙද්දි.

ආ.. මට කියන්න අමතක වුණා. ඊයේ ගගන පුංචි තණකොළ ගහකින් බැඳලා දාලා තිබුණ ඒ නෙලුම් මල් දෙක උදේ මං හොරෙන් ම මගෙ බෑග් එක අස්සට ඔබා ගත්තානේ. ඒක ඒ වෙද්දිත් මැලවිලා, බාගෙට පරවෙලා ගිහිනුයි තිබුණේ. ඒත් මොකක් හරි හේතුවකට මට ඒක විසික් කරන්න හිත දුන්නේ නෑ. මං හරි ආසායි ඒ වගේ මතක එකතු කරලා තියාගන්න.

ගගන මීදුම් | non fiction ( Taekook ) | (Ongoing)Donde viven las historias. Descúbrelo ahora