31

69 14 49
                                    

Midum's pov

මං දන්නෑ මට මොනා වුණාද කියලා. ගගන කරන්න යන දේ ගැන හිතන්නවත්, ඒක නතර කරන්නවත් මට සිහියක් තිබුණේ නෑ. පුංචි ලැජ්ජාවක් දැනුණාත් මං කළේ එයා කැමති දෙයක් කරගන්න ඉඩ දීලා බලා හිටපු එක.

ගගනගේ එක අතක් මගේ ඉණ වටේ පැටලිලා තියෙන තුවාය මත රැඳෙද්දි අනික් අත ආවේ මගේ බෙල්ල පාමුලට.

එයා මගේ බෙල්ල පිටිපස්සෙන් අල්ලගෙන මගේ දිහාවට පහත් වෙන්න ගත්තේ මං ඇස් දෙකත් ලොකු කරගෙන එයා දිහා බලා ඉද්දි.

ටිකෙන් ටික.. ටිකෙන් ටික ගගනගේ මූණ මගේ බෙල්ල ගාවට ම පහත් වුණේ ඒ ඇස් දෙක තදට පියවිලා යද්දි. මට තේරුම් ගිය එක දෙයක් තමයි එදා වගේ ම අදත් ගගන මේක කරන්න යන්නේ ආයාසයෙන් කියන දේ.

කලින් එයා කිව්වා වගේ සමහරවිට අදත් එයාට එයාගේ අතීතය මතක් වෙනවා ඇති. වේගෙන් හුස්ම අදින ගගන දිහා බලාගෙන මං දාහකුත් එකක් දේවල් කල්පනා කළා.

ඒත්.. මගේ බෙල්ල ආසන්නෙට ම තොල් අරගෙන ආව ගගන ඒ තොල් මගේ බෙල්ලේ වදින්න ඔන්න මෙන්න තියලා නතර කරගත්තේ එයාගේ වෙව්ලන අත මගේ බෙල්ල මත තද කරගන්න ගමන්. මට ඒක රිදුණේ නෑ කිව්වොත් ඒක බොරුවක්. ඒත් ඒ මොහොතේ ගගනට දැනෙන වේදනාව ඊටත් වඩා වැඩියි කියන්න මං දන්නවා.

ටිකෙන් ටික ඒ ග්‍රහණය ලිහිල් කරනවාත් එක්ක ම ගගන මගෙන් ඈත් වෙලා මගේ ලොකු වුණ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන හිටියා.

"ස්..සොරි. මං හිතන්නේ තාමත් මට ඒක කරන්න බෑ."

එහෙම කිව්ව ගගන තමන්ගේ යටි තොලත් හපාගෙන බිම බලාගත්තා.

පව් මගේ කොල්ලා. එයාට සිද්ද වුණ දේවල් නිසා එයා කොච්චර නම් විඳවනවාද..

"ඒකට කමක් නෑ, ගගන. අපි හෙමීට යමු. හදිස්සියක් නෑ නේ."

මං තුවාය තව ටිකක් තදේට ඉණ වටේට ගැටගහගෙන ගගන ගාවට කිට්ටු වෙන ගමන් කිව්වේ හරි පරිස්සමට එයාගේ උරහිසක් උඩින් අත තියාගෙන. මගෙ අත්වල ස්පර්ශය දැනෙද්දි ගගන හෙමීට ඔලුව උස්සලා මගේ දිහා බැලුවා.

"තැන්ක් යූ.. හැමදාමත් මාව තේරුම් ගන්න එකට. ඒත් ඔයා දන්නවාද? එදාට වඩා අද මට දැනුණ බය අඩු වුණා. අද මං එදා තරම් නර්වස් වුණේ නෑ."

ගගන මීදුම් | non fiction ( Taekook ) | (Ongoing)Donde viven las historias. Descúbrelo ahora