Gagana's pov
ළමයි හාරදාහා, පන්දාහා ඉන්න ලොකු ඉස්කෝල එක්ක බලද්දි ළමයි අසූවක් විතර කියන්නෙ ලොකු ගාණක් නොවුණත් ඒ වෙද්දිත් ඒ චූටි ඉස්කෝලෙ ළමයින්ගෙන් පිරිලා වගෙයි පෙනුණේ.
පුංචි වුණාට මොකෝ ඒ ඉස්කෝලෙ තිබුණෙ හරි නිස්කලංක ලස්සනක්. සුදු තීන්ත ගාපු පොඩි ලී ගේට්ටුවෙන් පටන් ගත්තහම ඉස්කෝල මිදුලෙ ලස්සනට වවලා තියෙන අරලිය ගස් පේලිය වෙනකන් ම මගේ ඉස්සරහා තියෙන දේවල් වර්ණනා කරන්න ඇත්තට ම වචන මදි.
සමහර ළමයි හිටියේ ඉස්කෝලෙ මිදුල පුරා දුව දුව සෙල්ලම් කරන ගමන්. තවත් සමහර ළමයි තමන්ටත් වඩා ලොකු වතුර බාස්කට් දෙන්නා තුන්දෙනා එකතුවෙලා උස්සන් ඇවිත් මිදුලෙ මල් පැලවලට වතුර දාද්දි ළමයින්ගෙ දෙමව්පියෝ ද කොහෙද පන්ති කාමර අතුගාන විදිහ ඒ ගොඩනැගිලිවල තිබුණ කොට බිත්තිවලින් පෙනුණා.
අපි තුන් දෙනා තාමත් ගේට්ටුව ගාවට වෙලා ඒ හිතට සැනසීමක් ගෙනත් දෙන දර්ශනය දිහා බලන් ඉන්නවා. මට මේ දේවල් දකිද්දි මං පහුගිය සිකුරාදා වෙනකන් ගත කරපු ගුරු ජීවිතේත් ආයෙ ආයෙ ම මතක් වෙන්න ගත්තා.
"ඇතුළට යමු නේද?"
අනන්යා එහෙම අහලා මගෙයි මීදුම්ගෙයි දිහා බලද්දි අපි දෙන්නාත් ඒකට එකඟ වෙලා ඉස්කෝලෙ ඇතුළට යන්න පළවෙනි අඩිය තිබ්බා.
අපි තුන්දෙනා ඇතුළට යද්දි සෙල්ලම් කර කර හිටපු වගේ ම මල්වලට වතුර දාන ගමන් හිටිය ළමයිනුත් තමන්ගෙ වැඩ මොහොතකට නතර කරලා අපි දිහා බලන් හිටියේ පුදුමෙන්. දැන් නම් පොඩි ලැජ්ජාවකුත් දැනෙනවා වගේ. මොකද ඒ වෙලාවේ හැමෝගෙ ම සෙන්ටර් ඔෆ් ඇටෙන්ශන් වෙලා හිටියේ වෙන කවුරුත් නෙවේ.. මේ අපි තුන් දෙනා ම තමයි.
මාත් ඉතින් අපි දිහා බලන් ඉන්න ළමයින් එක්ක හිනා වෙවී ම ඉස්සරහට ඇවිදන් ගියා. ඒත් හොඳ ම වැඩේ කියන්නේ ළමයි ගොඩක් දෙනෙක් බලන් හිටියේ මගෙ දිහාවත් මීදුම් දිහාවත් නෙවේ.. අනන්යා දිහා.
කොහොමත් ළමයි ලස්සන ටීචර්ස්ලාට කැමතියි නේ. එයාලා සර්ලාට වඩා මිස්ලාට ගොඩක් ආදරෙයි. විශේෂයෙන් ම පොඩි ළමයි. දුකයි නම් තමයි... ඒත් ඒකයි ඇත්ත.

YOU ARE READING
ගගන මීදුම් | non fiction ( Taekook ) | (Ongoing)
Non-Fictionඅතීතයෙ අපිට අමතක කරන්න බැරි ගොඩක් තැන්වලට දෛවය අපි ව අරන් යන්නෙ අපිට ආයෙ ආයෙමත් රිද්දන්න කියලයි මං හිතාගෙන හිටියෙ. ඒත් දැන් මං විශ්වාස කරනවා, දෛවය එහෙම කරන්නෙ අපිට අලුත් වර්තමානයක් මුණගස්සන්න. - මීදුම් - දඬුවමත් ආශිර්වාදයක් කරන්න පුලුවන්, මගෙ ජීවි...