Ananya's pov
මං හෙමින් නෙලුම් මලේ පෙති එක දෙක දිගාරින ගමන් බලන් හිටියේ ගගන මීදුම්ටත් මලක් ගෙනත් දුන්න විදිහ. අපේ ගොන් ගහ ගැන නම් කියන්න දන්නේ නෑ. ඒත් ගගන නම් ඊයේ ආව වෙලාවෙ ඉඳන් ම මීදුම් දිහා බලපු විදිහ පවා මං බලාගෙනයි හිටියේ.
මට යමක් දැනෙනවා දැනෙනවා වගේ වුණත් මං ඒ ගැන වැඩිය හිතන්න ගියේ නැත්තේ එක දවසක් දැක්ක පලියට මනුස්සයෙක්ගෙ හිතේ තියෙන්නේ මොනාද කියලා හරියට ම කියන්න තරම් හැකියාවක් මට නැති නිසා.
මල අතට ගත්තාත් හරි දෙන්නාට මං කියලා කෙනෙක් මෙතැන ඉන්නවාද කියලාවත් ගාණක් නෑ. සැරින් සැරේ උඩ බිම බලනවයි, ආයේ මල දිහා බලාගන්නවයි, හිනා වෙනවයි.. එක ම කෝලමයි.
ඒ දිහා බලන් ඉද්දි මගෙ හිතට පොඩි කට්ට අයිඩියා එකක් ආවේ. මං හිනාව නවත්තගන්න යටි තොලත් හපාගෙන හෑන්ඩ් බෑග් එකේ පැත්තේ පොඩි පොකට් එකේ දාගෙන හිටිය ෆෝන් එක අතට ගත්තේ ඒ දෙන්නාට නොපෙනෙන්න.
හෙමීට කැමරාව ඔන් කරලා මං ෆෝන් එකත් අත් දෙකෙන් ම අල්ලගෙන, ඒ අතර ම මලත් වැටෙන්න නොදී අතේ තියාගෙන කැමරාවෙන් ඒ දෙන්නා ව පේන විදිහට ෆෝන් එක අල්ලගත්තා.
"ස්මාආආආආයිල්..!!"
මං කැමරාවෙන් පේන ගගන, මීදුම් දෙන්නා දිහා බලාගෙන කෑගහලා කියද්දි එක ළඟ හිටිය ඒ දෙන්නා එකපාර ම හැරිලා මගෙ දිහා බැලුවෙ ඇස් දෙකත් පුදුමෙන් ලොකු කරගෙන.
බලනවත් එක්ක ම මං ටක් ගාලා ඒ දෙන්නාගෙ ෆොටෝ එකක් ගහගත්තේ හිනා වෙන ගමන්.
"මො..මොකක්ද ඕයි තමුසේ ඒ කළේ?"
බලන්න එපැයි කෑගහද්දි මීදුම්ගේ මූණ. සිද්ද වුණ දේ හිතාගන්න බැරුවද කොහෙද තාමත් එයා ඉන්නේ පුදුම වෙලා.
මං හිනා වෙවී ම බැලුවේ මං ගහපු ෆොටෝ එක දිහා. ඒ දෙන්නා ම ඒකේ ඉන්නේ හරියට වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්රැෆර් කෙනෙක්ගේ කැමරාවට අහම්බෙන් අහුවුණ වඳුරු පැටවු දෙන්නෙක් වගේ. මොනා වුණත් මාර ම කියුට්.
__________________________
Midum's pov
ගගන මට මලක් ගෙනත් දුන්න එක ගැනවත් තාම හරියට හිතාගන්න බැරුව හිටිය මම ආයෙමත් පුදුම වුණේ අනන්යා ඒ කරපු වැඩේට.

ESTÁS LEYENDO
ගගන මීදුම් | non fiction ( Taekook ) | (Ongoing)
No Ficciónඅතීතයෙ අපිට අමතක කරන්න බැරි ගොඩක් තැන්වලට දෛවය අපි ව අරන් යන්නෙ අපිට ආයෙ ආයෙමත් රිද්දන්න කියලයි මං හිතාගෙන හිටියෙ. ඒත් දැන් මං විශ්වාස කරනවා, දෛවය එහෙම කරන්නෙ අපිට අලුත් වර්තමානයක් මුණගස්සන්න. - මීදුම් - දඬුවමත් ආශිර්වාදයක් කරන්න පුලුවන්, මගෙ ජීවි...