Part 03

142 20 3
                                    


මායි චානයි බඩු ටිකත් ලෑස්ති කරන් කිටි කිටියේ සීතලට ගැහි ගැහී කැබ් එක එනකන් අපෙ ගෙදර ඉස්සරහා හිටන් හිටියා.

ම්ම්ම්... මට හුරු පුරුදු ඒ සුවද ආයෙමත් හුලග එක්ක ගහන් ඇවිත් මට දැනුනේ ඒ සුවද මාව එක්කන් යන්න ආවා වගේ. මන් ඒ සුවද විදින ගමන් චානා දිහා බැලුවත් ඌ මගෙ අතක් බදන් නිදි කිරමිනුයි හිටියෙ.

"චානා ඒ බන් නැගිටපන් ආහ් කැබ් එක ආවා"

මන් ඌවත් ඇදන් වාහනේට නැගලා ආපහු ගේදිහා බලලා කැබ් එකේ දොර වැහුවා.

හිතට හරි අමුතුයී. මන් දන්නවා මේ ගෙදර මන් එන යන වෙලාවක් හොයන්න කවුරුත් නෑ කියලා. ඒත් ගෙදර දාලා යන්න දුකයි වගේ හැගීමක් මට ඒ වෙලාවෙ දැනුනේ.කමන්නෑ දවස් දෙකයිනේ කියලා හිත හිතා ඉන්නකොට අපි ස්කෝලේ ලගටම ඇවිත්. මේ චානා ගෙ කටට නිවනක් තියෙන්නේ නිදාගද්දි විතරද කොහෙදෝ.

"අඩෝ නැගිටපන් බම්ලෝ උබ නිදාගන්නද යකෝ ට්‍රිප් ආවේ."

මන් චානාව ආයෙත් අවදි කරන් ස්කෝලෙ ඇතුලට ආවා ස්කෝලෙන් එලියෙ තොරන වගේ බල්බ් දාපු ගිනි ගින්දර බස් එකක් නවත්තලා තිබ්බා ඒකත් බලන් අපෙ පන්තියේ අනිත් උන් ඉන්න තැන හොයන් මායි චානයි ගියා

මේ ට්‍රිප් එකට ක්ලාස් 4ක් යනවා වගේම ගිය අවුරුද්දේ ඒලෙවල් වලින් බෙස්ට් රිසාල්ට් ගත්තු අයියලා විස්සක් විතරත් යනවා කියලා තමා කිව්වෙ

ඉතින් මායි චානායි අපෙ අනිත් උන් හොයන් යද්දි අර සුවද මට ලයින්ම දැනුනා..

"මල්ලිලා ඔයාලට ක්ලාස් ටීචර් එන්න කිව්වා නම් මාර්ක් කරන්න"

ඒත් එක්කම හොල්මන් දෙකක් වගේ ගිය අවුරුද්දේ එක්සෑම් කරපු අයියලා දෙන්නෙක් ඇවිත් අපිව එක්කන් ගියා.

උදේ පාන්දරම නිසා බස් එකෙදිත් මායි චානයි පොඩි නින්දක් දැම්මා පිටිපස්සෙම සීට් එකේ උන් නම් බස් එකට නැගපු වෙලේ ඉදන් සින්දු කිව්වත් මට උන් එක්ක සෙට් වෙන්න තරම් මූඩ් එකක් තිබ්බෙ නෑ. මොකද එතන හිටියෙ මට මාවත් එපාකරවලා මගෙ හැමදේම විනාස කරන්න ආපු සර්පයෝ සෙට් එකක්

______________________________________

pov

සුහාස් , කවීශ , යුවාන් , නේශාන් මුලු ස්කූල් එකේම ප්‍රසිද්ද උන යාලුවෝ සෙට් එකක් තමයි අපි.මෙතන  හතර දෙනෙක් උනාට මායි සුහාසුයි එක වසරේ ඉදන් හොදම යාලුවෝ යුවාන්ව අපිට සෙට් උනේ බාලදක්ශ කෑම්පින් යන කාලේ උගෙ හොදම යාලුවා කවීශ. කොහොම උනත් දැන් අපි හතර දෙනාම හොදම යාලුවෝ. කවීශ නම් ගේ ඌ දහයෙ මල්ලි කෙනෙක් එක්ක සෙට් වෙලා ඉන්නේ උන් දෙන්නගෙ ලව් එක නම් නැගලම යනවා. යුවාන් ගර්ල්ස් ස්කූල් එකේ කෙල්ලෙක්ට ට්‍රයි මුන් දෙන්නා තමා අපෙ සෙට් එකේ ලව් සික් ඩබල.

Super Moon 🐺🐾BL Where stories live. Discover now