Part 35

48 7 0
                                    

උදේ අවදි වෙද්දි දැනුනු සුවපහසු උනුහුමට මම තව තවත් ගුලිවෙලා නිදාගන්න හැදුවත්. එකපාරටම මට මතක් වුනේ ඊයෙ රෑ අකේන් අයියා කියපු දේ.

ඒකියන්නෙ දැන් මේ ඉන්න ලුසිෆර් ද. ඒකත් මාව තුරුලු කරගෙන. මගෙ හිතෙන්ම මම ප්‍රශ්න කරගන්න ගමන් ඇස්දෙක වගගෙන ලුසිෆර් ලගින් එන රෙඩ් වයින් එකක වගේ සීතල  සුවද වින්දා. ඒක තුශෙල් අයියාගෙවත් අකේන් අයියගෙවත් සුවද වගේ නෙවෙයි. ලුසිෆර්ගෙ සුවද මාව ආකර්ෂණය කරගන්න වගේම මත් කරන්න පවා සමත් වුනා.

අහේතුවකට වගේ මම ලුසිෆර්ට තවත් ලන්වෙද්දි. ලුසිෆර් නින්දෙන්ම වගේ මගෙ ශර්ට් එක යටින් ඉන වටේ අත් පටලවවෙන මාව ඒ පපුවට තදකරගත්තා. මටත් නොදැනී මගෙ ඇස් වටේ රිදීගෙන කදුලු පිරුනෙ. මේ වගේම ඉස්සර තුශෙල් අයියාත් මාව හග් කරපු හැටි මතක් වෙලයි.

කොහොමත් ලුසිෆර් අවදිවුනාම ඒ මූඩ් එක කොහොම වෙයිද කියලා මට හිතන්න බෑ. සමහර විට ලුසිෆර් දැන් හොදවෙන්න පුලුවන්. ඒත් සමහරක් විට කලින්ටත් වඩා නරක වෙන්නත් පුලුවන්.ඔය මොන දේ දකින්නෙත් මන් ලුසිෆර් ලග හිටියොත්නේ. ඒනිසා මන් ලුසිෆර් ගෙන් ඈත්වෙන්න හැදුවෙ ලුසිෆර් අවදි නොවෙන විදිහට.

"අනෙ ආශු අපි තව ටිකක් ලුසිෆර් ලගින් ඉදල යමුකො "

"ඔ...ඔයා කවුද ඇයි මට පේන්න එන්නැත්තෙ "

"අශු මන් ඔයාගෙ වුල්ෆ් "නෝවා". ලුසිෆර් නිසා යි මට ජීවය ලැබුනෙ"

මගෙ වුල්ෆ් කියලා මගෙ ඔලුව ඇතුලෙන් ඇහුන හඩ මගෙ හඩ තරම් රලු වුනේ නෑ. ඒ හඩ පොඩි ලමයෙක් ගෙ වගේ මෘදු හඩක්

" මන් හිතුවෙ මට වුල්ෆ් කෙනෙක් නැතුව ඇති කියලා"

"එහෙම වෙන්නෑ ආශු. හැම වෙයාවුල්ෆ් කෙනෙකුටම වුල්ෆ් කෙනෙක් ඉන්නවා.මම දුර්වල වුල්ෆ් කෙනෙක්.ඒකයි මට කලින් එන්න බැරි වුනේ.ඒවගේම ලුසිෆර් නිසායි මට ජීවත් වෙන්න පුලුවන් . ලුසිෆර් නැති තැන මගෙත් අවසානෙ සිද්ද වෙයි ආශු"

Super Moon 🐺🐾BL Where stories live. Discover now