ඇල්ෆා...මන් කින්ග්ගෙ රූම් එකට යද්දි කින්ග් හිටියෙ ක්ලොසෙට් එක ලග. ඒ නිකන් නම් නෙවෙ. මන් අදුරු වනාන්තරේට යද්දි ඇදන් ගිය ට්‍රවුසර් එක අතේ තියාගෙන.ඒ ට්‍රවුසර් එකේ තමයි ශීර්ශා දුන්නු බෙහෙත් ටිකත් තිබුනෙ.
මන් ඉක්මනින් කින්ග් ලගට ගිහින් ට්‍රවුසර් එක මගේ අතට ගත්තා.
"ඒක මගෙ ඔමේගගෙ සුවදයි.."
කින්ග් එයාගෙ රතු ඇස් වලින් මන් දිහා බලාගෙන කතාකරද්දි මට තේරුනේ දැන් කින්ග් තුල ඉන්නේ ලුසිෆර් බව.
මම බයෙන් බයෙන් ට්‍රවුසර් එක මගෙ අත්වලට තදකරගෙන ලුසිෆර් කියන දේවල් අහන් හිටියා.
"මේ බලන්න ඔමේගා. මේ වැඩේ හරි වැරදි නේද "
ලුසිෆර් එයාගෙ අතේ මොනවදෝ ගුලිකරගෙන මන් දිහා බලාගෙන නිවුනු නමුත් ගැබුරු කටහඩින් කතා කරද්දි මන් හෙමින් හෙමින් ඔලුව උස්සලා ලුසිෆර්ගෙ අත දිහා බැලුවා.
"මො..මොකක්ද ඇ..ඇල්ෆා "
"උබට දුන්නු දේවල් උබ ලගින්ම තියාගනින්. ඒක ආපහු දුන්නු එකාටම දෙද්දි ඌට මොනවා නම් හිතෙයිද "
උඩට ගත්තු හුස්ම පහලට දාලා මම ලුසිෆර් ගෙ අතේ තිබුනු තුශෙල් අයියා දුන්නු බ්‍රේස්ලට් එක මගෙ අතට ගත්තා.
ලුසිෆර් මන් කරන හැම දෙයක් දිහාම හරි අවදානෙන් බලාගෙන ඉදලා ටික වෙලාවකින් මගෙ අත් දෙකෙ මැනික් කටුව ලගින් අල්ලගෙන ක්ලෝසෙට් එකට මාව මැදිකරගත්තේ ඇස් දිහා බලාගෙනමයි.
ඉස්සර හිටපු තුශෙල් අයියාට වඩා මේ දවස් කීපයෙදි ලුසිෆර්ගෙ බිහිවීමත් එක්ක ඒ ශරීරය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තිබුනා. ඉස්සර අඩි හයක් විතර උස උනු තුශෙල් අයියා ලුසිෆර් ආවට පස්සෙ අඩි හය හමාරක් විතර උසගිහින්. ඉස්සර සාමාන්‍ය ගානට තිබුනු කොන්ඩෙ දැන් බදින්න පුලුවන් තරම් දික්වෙලා ඒ මූන අතපය පවා ඉස්සරට වඩා කඩවසම් බවෙන් වැඩිලා තිබුනා. ලුසිෆර් ටයි ක්ලෝසෙට් එකටයි මැදිවෙලා හිටපු මට මාව දැනුනෙ හරි පොඩි මනුස්සයෙක් ගානටයි. මන් බෙල්ල උස්සලා ලුසිෆර් දිහා බලද්දි. එයා වචනයක් වත් කතා නොකර මගෙ බෙල්ල ලගට පාත් වුනා.
YOU ARE READING
Super Moon 🐺🐾BL
Werewolfපාලුව...තනිකම...දැන් මේවා මගේ ජීවිතෙ ම කොටස් වෙලා. ආදරය , වෛරය , ඊර්ෂ්‍යාව සහ පලිගැනීම නිල් දම් කොල සහ රතු ඇස් හිමිකරුවන් සමග බැදී එකිනෙකාගේ ජීවිත වලට කෙසේ බලපෑම් කරයිද. November 11 ( 11:11 ) මගෙ මුලු ජීවිතය ම වෙනස් උන දවස ඒ super moon එක නිසා ඔව්...