Time skip
"බලපන්කො ඉතින් අවුරුදු දෙකක් තිස්සෙ නැහුනේ ඔය පේපර් තුනටනේ "
අන්තිමට තිබුනු මීඩියා පේපර් එකත් ලියලා චානා එක්ක මම ස්කෝලෙන් එලියට අවේ. ඊලගට ඉතින් ආතල් එකේ ඉන්න තියෙන්නේ කියලා හිතන ගමන්
"ආශු.."
තුශෙල් අයියා ස්කූල් ගේට් එක ලගට ඇවිත් මට කතා කරේ එන්න කියලා සන් කරන ගමන් මයි.
චානා එක්කම කා එකට නැගලා සුපුරුදු පරිදි චානවත් හොස්ටල් එකට දාලා අපි ගෙදර එන්න ආවා.
"ආශු මට හදිස්සියේම පැක් එකට යන්න වෙලා තියනවා ඔයා පරිස්සමෙන් ඉන්න හවස මන් ඔයාව ගන්න එන්නම්."
"ඒ කියන්නෙ අපි අදම පැක් එකට යනවද "
"ලබන සතියේ කොලෙජ් පටන් ගන්නවා. ආශු තව අවුරුදු තුනක් යනකන් එහෙ තමයි ඉන්න වෙන්නේ "
"ඒත් අයියේ මන් චානට කොහොමද මේවා කියන්නේ. දැක්කනේ එදා එක දවසක් ස්කෝලෙ ආවෙ නැති වෙලා කලබල උන හැටි."
"ඔයා අනාගත ලූනා වෙන්න ඉන්නේ ආශු ඉතින් මේදේවල් ඔයාට කරන්නම වෙනවා. මන් හවස ඔයාව ගන්න එන්නම් ලෑස්ති වෙලා ඉන්න "
මම ඔලුව වනලා හා කියද්දි තුශෙල් අයියා මගෙ නලලට කිස් එකක් දීලා යන්න හැරුනත් මන් ඒ අතින් අල්ලන් තුශෙල් අයියාව කිස් කරේ දැන් දැන් එයා නැතුව ඉන්න එකත් මට නුහුරු වෙද්දියි.
"මන් ගිහින් එන්නම් ආශු "
"පරිස්සමෙන් "
මම තුශෙල් අයියා යනකන් ඉදලා ගේට් එකත් ලොක් කරගෙන ගේ ඇතුලට ආවා.
"ආශු..."
"අකේන් අයියේ මේ වැඩේ වැරදී "
"මොකක්ද ආශු බබා වැරැද්ද "
"අනවසරයෙන් ගෙවල් වලට එන එක "
"තීරනයක් ගත්තද ආශු. ඕනි නම් මට පුලුවන් ඔයාට ඒකට උදව් කරන්න "
අකේන් අයියා පියවරෙන් පියවර මන් ලගට එන ගමන් කතා කරේ ඒ කොල ඇස් දල්වාගෙන ගෙනමයි.
අකේන් අයියාගෙන් ඈත් වෙන්න පියවරෙන් පියවර පිටිපස්සෙට ගිය මම නතර උනේ බිත්තිය මට බාදා වුන නිසයි.
YOU ARE READING
Super Moon 🐺🐾BL
Werewolfපාලුව...තනිකම...දැන් මේවා මගේ ජීවිතෙ ම කොටස් වෙලා. ආදරය , වෛරය , ඊර්ෂ්යාව සහ පලිගැනීම නිල් දම් කොල සහ රතු ඇස් හිමිකරුවන් සමග බැදී එකිනෙකාගේ ජීවිත වලට කෙසේ බලපෑම් කරයිද. November 11 ( 11:11 ) මගෙ මුලු ජීවිතය ම වෙනස් උන දවස ඒ super moon එක නිසා ඔව්...