Part 39

46 6 3
                                    

" ඔයා කලින් වයිට් මූන් පැක් එකට ගිහින් තියනවද ඇල්ෆා "

" ඔව් "

"ඇහ් ඒ මොකටද අහ්ම් අහ්ම් මන් කියන්නෙ ඔයා කීපාරක් විතර ගිහින් තියනවද "

" කීපවතාවක්ම ගිහින් තියනවා ආශු. පැක් එක වටේ තියන අනිත් පැක් ගැනත් අවදාගෙන් ඉන්න එපැයි "

කින්ග් එක අතක් මගෙ කකුල උඩින් තියලා සීට් එකට හේත්තුවෙන ගමන් කතාකරා.

" ම්ම් ඔයා කේන්ති ගන්නැත්තම් මන් දෙයක් අහන්නද "

" අහන්න "

" මේ මට තුශෙල් අයියා ගැන දැනගන්න ඕනි. ඇත්තටම මට මේදේවල් අහන්න වෙන කෙනෙක් නෑ. මට තේරෙනවා මන් අකේන් අයියා ගැන තුශෙල් අයියා ගැන අහද්දි ඔයාගෙ මූඩ් එක අවුල් වෙනවා කියලා. ඒත් ඇල්ෆා මට ඔයා ලග ඉද්දි දැනෙන්නෙ තුශෙල් අයියා ආයෙ ඇවිත් වගෙ. සොරි මන් මෙහෙම කියනවට ඒත් ඒක එකම රූපෙ නිසා හිතෙන දෙයක් නෙවේ. හැසීරීම් වලින් කතාකරන විදිහෙන් මේ ටික කාලෙට මම ඔයාගෙන් දැක්කෙ තුශෙල් අයියාව. මන් හිතුවෙ නෑ ඇල්ෆා කින්ග් මේ විදිහ වෙයි කියලා."

මම මගෙ කකුල උඩ තිබුනු කින්ග්ගෙ අතේ මැනික් කටුව ලගට වෙනක්ම තිබුනු කලු ශර්ට් එකේ අත වැලමිට ලගට එනකම් නවනලා  ශර්ට් එකේ අත නැමුවයින් පස්සෙ ඒ නහර පිරුනු අතේ පිම්බුනු නහරයක් දියේ අත පහලට අරන් ඇවිත් නහරෙ නොපෙනීගිහින් තිබුනු අතේ පිටඅල්ලෙන් හාදුවක් තියලා ඒ අත මගෙ කකුල උඩින් තියලා කින්ග් දිහා බලාගෙනහිටියත් එයා මන් කියන දේවල් අහගෙන ඩ්‍රයිව් කරා මිසක් උත්තර දෙන්න උනන්දු උනේනෑ.

" ඒකියන්නෙ ආශු මට මෙච්චර ලන් වුනේ මගෙ හැසිරීම් තුශෙල් වගේ නිසාද "

"....."

මන් මොකුත් නොකියා කින්ග්ගෙ අත දිහා බලන් ඉද්දි කින්ග් මගෙ කකුලන් එයාගෙ අත අරගෙන ස්ටියරින්ග් වීල් එක අත් දෙකෙන්ම තදින් අල්ලගත්තා

" ඇයි උබට මට ආදරේ කරන්න බැරි ආශු. ඇයි උන්දෙන්නව අමතක කරන්න බැරි. මමයි උබේ මේට් මේ මම විතරයි."

"...."

" ඒ කියන්නෙ මේ ටික කාලෙත් මගෙ ලගින් හිටියෙ මගෙ හැසිරීම් තුශෙල් වගේ නිසාද. ඒ හැර අපි දෙන්නා අතර බැදීමක් නැද්ද ආශු "

Super Moon 🐺🐾BL Where stories live. Discover now