අ...හ්..තුශෙල් අයියා ගෙ ඒ විශාල වුල්ෆ් මගෙ ඇගට පැනලා මාව යට කරත්තා.
"තුශෙල් අයියේ මේ මම නේශ්. ඔයාට ඔයාගේ ආශුව මතක නැද්ද අයියේ."
"ග්ර්ර්ර්"
මම තුශෙල් අයියා ව සන්සුන් කරන්න උත්සහ කරත් එයා මට අවනත වෙන පාටක් නම් පේන්න තිබ්බේ නෑ.
මන් කෑගහපු එක ඇහුන නිසාද මන්දා අකේන් අයියත් රූම් එකේ දොරලගට ඇවිත් වුල්ෆ් ව දැකලා ආයේ හැරිලා ගියා.
"ඔ..ඔයාට මාව ඇහෙනවද අයියේ. ම..මට දැනෙනවා ඔයා ඉන්නවා කියලා.බලන්න ඔයාගෙ ආශු බය වෙලා ඉන්නේ ප්ලීස් ආයේ ශිෆ්ට් වෙන්න."
මන් මගේ බය පැත්තකින් තියලා ඒ වුල්ෆ් ගෙ ගන ලෝම අතරින් මගෙ ඇගිලි යවද්දි වුල්ෆ් එයාගෙ දම්පාට දීප්තිමත් ඇස් පියාගත්තා.මන් අත් දෙකෙන්ම වුල්ෆ් ව අල්ලගෙන මගෙ ඇස් පියාගත්තේ හිතෙන් හැමදේම හොද විදිහට වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්.
ටික වෙලාවකින් ඒ වුල්ෆ් ගෙ සයිස් එක පොඩිවෙලා තුශෙල් අයියා බවට ශිෆ්ට් උනාම මගෙ ඇස්වලින් නොනවත්වා කදුලු ගලන් ගියා.
"ඔයා ඒක කරා ආශු මටවත් පාලනය කරගන්න බැරි වුන මගේ වුල්ෆ් උබ පාලනේ කරා."
"මන් බය උනා අයියේ ම්..මන් හිතුවෙම අද මගෙ අවසාන දවස කියලා "
" එහෙම මොකුත් උන්නෑනේ ආශු මට සමාවෙන්න. මන් උබව බය කරන්න හිතුවෙ නෑ "
එයා ආපහු ආව සතුට වැඩිකමට මම තුශෙල් අයියාව තදින් හග් කරත් ලද අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න වගෙ තුශෙල් අයියාට පිටිපස්සෙන් එයාව ඉලක්ක කරන් පිහියක් දික්කරන් හිටිය අකේන් අයියව දැකලා මට කර කියාගන්න දෙයක් හිතාගන්න බැරි උනා.
මන් මගේ ඇගේ උපරිම ශක්තිය දාලා තුශෙල් අයියා එක්කම ඇදේ එහා පැත්තට පෙරලුනා. එතකොටම අකේන් අයියා හරියටම තුශෙල් අයියා කලින් හිටපු තැනට ඒ පිහියෙන් අනිද්දියි. පිහිය ඇදේ මෙට්ටය පසාරු කරගෙන ගිහින් තිබුනා.
උනේ මොකක්ද කියලා තුශෙල් අයියාට නොපෙනුනත් අකේන් අයියා පිහියෙන් තුශෙල් අයියාට අනින්න ගියේ එයා මනුස්ස රූපෙට ආවට පස්සෙයි. ඒ කියන්නේ එයා උත්සාහ කරේ තුශෙල් අයියාව මරන්න.
YOU ARE READING
Super Moon 🐺🐾BL
Werewolfපාලුව...තනිකම...දැන් මේවා මගේ ජීවිතෙ ම කොටස් වෙලා. ආදරය , වෛරය , ඊර්ෂ්යාව සහ පලිගැනීම නිල් දම් කොල සහ රතු ඇස් හිමිකරුවන් සමග බැදී එකිනෙකාගේ ජීවිත වලට කෙසේ බලපෑම් කරයිද. November 11 ( 11:11 ) මගෙ මුලු ජීවිතය ම වෙනස් උන දවස ඒ super moon එක නිසා ඔව්...