"ලු...ලුසිෆර් "මන් කතාකරත් ලුසිෆර් මන් දිහා නොබලාම අම්මයි තාත්තයි දිහා බලන් හිටියෙ ඒ ගිනිබෝල වගේ දිලිසෙන ඇස්වලින්.
" උබලට මගෙ ඔමේගව තනියෙන් හම්බෙන්න ඕනි කියුවෙ මේකටද.. කතාකරපන් කින්ග් "
ලුසිෆර්ගෙ අත් මගෙ ඉන වටේ තදවෙද්දි ඒ වේදනාව ඉවසගෙන මන් ලුසිෆර්ගෙ පැත්තට හැරුනා.
" අපි අපෙ පුතාට මොනවා කරන්නද ඇල්ෆා කින්ග්. අපි මේ කතාකරේ කින්ග්ට ඕනිනම් අපෙ නේශ්ට වඩා හොද ඔමේගාවෙක් හොයාගන්නත් පුලුවන් කියලා. එහෙම නේද ජානු. "
තාත්තා අන්තිම ටික අම්මා දිහා බලන් කියුවත් තාත්තා ඒ කතාකරන වචනයක් වචනයක් ගානේ ලුසිෆර්ගෙ මූන කේන්තියෙන් පිරවුනේ ඒ කේන්තියටම කම්මුල් පවා වෙව්ලද්දියි.
" මගෙ ඔමේගා හැර වෙන එකෙක්. "
" ඔව් කින්ග් ගැහැනු ඔමේගාවෙක් අපෙ ලූනාවෙනවටයි අපි කැමති "
ලුසිෆර් කතාකරගෙන යද්දි ඒ කතාවට බාදාකරමින් අපි වටේ හිටපු ඇල්ෆා සෙබලෙක් කතාකරේ කින්ග් මාවත් ඈත්කරලා ඒ ඇල්ෆා ලගට ගියේ ඊලග මොහොතේ වෙනදේ මට ලේසියෙන්ම හිතාගන්න පුලුවන් වෙද්දියි.
"ආහ්හ්හ්හ්..."
මන් ඇස් තදකරගෙන බිම බලාගද්දි ඊලගට ඇහුනෙ අර ඇල්ෆාගෙ මරනීය විලාපය.
ආයෙත් මන් හෙමින් ඇස් ඇරලා බලද්දි දැක්ක දෙයින් මට පුදුම හිතුනෙ වයිට් මූන් පැක් එකේ හැසිරීම ගැනයි.
අපි වටේ හිටපු හැම සෙබලෙක්ම ලුසිෆර් වටේ එකතුවෙලා ඔවුන්ගෙ කඩු ලුසිෆර්ට දික් කරගෙන හිටුයෙ ලුසිෆර් ඒ සෙබලු දිහා බලලා අත්වල කරගැට කඩද්දියි.
ඒත් එක්කම හිතන්නවත් වෙලාවක් නොදී සෙබලු ඔක්කොම එකවැර ලුසිෆර්ට පහර දුන්නෙ ඒ අතර හිටපු එක සෙබලෙක් ගෙ කඩු පහරින් ලුසිෆර්ගෙ දකුනු අතේ බාහුව තුවාල වෙද්දියි.
"ඇල්ෆා..."
මන් ලුසිෆර්ට කතාකරද්දි ලුසිෆර් සෙබලුන්ගෙන්ම ගත්තු කඩු දෙකක් අරගෙන ඒ කඩුදෙකෙන් ම වටේ හිටපු ඇල්ෆාවන්ට පහර දීලා මරලා දැම්මෙ විනාඩියකටත් අඩු කාලෙකින්. ඒත් එකපාරටම ලුසිෆර්ගෙ පහර දීමෙන් බේරුනු ඇල්ෆාවෙක් මගෙ බෙල්ල ලගින් කඩුවක් තියාගෙන ඒ කඩුව මගෙ බෙල්ලට තදකරා.
YOU ARE READING
Super Moon 🐺🐾BL
Werewolfපාලුව...තනිකම...දැන් මේවා මගේ ජීවිතෙ ම කොටස් වෙලා. ආදරය , වෛරය , ඊර්ෂ්යාව සහ පලිගැනීම නිල් දම් කොල සහ රතු ඇස් හිමිකරුවන් සමග බැදී එකිනෙකාගේ ජීවිත වලට කෙසේ බලපෑම් කරයිද. November 11 ( 11:11 ) මගෙ මුලු ජීවිතය ම වෙනස් උන දවස ඒ super moon එක නිසා ඔව්...