part 15

54 9 0
                                    

"තුශෙල් අයියේ..."

මම ක්ලබ් එක ඇතුලට ගිහින් තුශෙල් අයියා නොහිටිය නිසා මම ආපහු යන්න හැදුවත් එයාගෙ සුවද ඒත් එක්කම මට දැනුන නිසා. මම ඒ සුවද පස්සෙන් යද්දි එයා වයින් ග්ලාස් එකක් අතේ තියාගෙන කකුල් පලල් කරගෙන ශර්ට් එකේ බට්න්ස් තුනක් විතර ඕපන් කරගෙන බාර් කවුන්ටර් එක ලග ඉදගෙන හිටිය මදිවට ටයිට් ලෙදර් ගවුමක් ඇදගෙන හිටපු ඔමේගා කෙල්ලෙකුත් එයාගෙ එක කකුලක ඉදගෙන හිටියේ මගේ ඉවසීම නැත්තටම නැති කරලයි.

මන් තුශෙල් අයියාට කතා කරද්දි ඒ ඔමේගා කෙල්ල තවත් තුශෙල් අයියා ලන් උනේ තුශෙල් අයියා ඒ කෙල්ලගෙ බව මට ඒත් උගන්නන්න වගේ.

මම කේන්තියෙන්ම තුශෙල් අයියා ලගට යද්දි මගේ ඇස්වල පාට වෙනස් වෙනවා දැනෙනවත් එක්කම ඒ කෙල්ල තුශෙල් අයියාගෙන් ඈත්වෙලා ක්ලබ් එකේ හිටපු අනිත් අය වගේම මට හිස නමලා  ආචාර කරත් මම ඒ කෙල්ලගෙ කොන්ඩෙන් ඇදලා කම්මුලට පාරක් ගැහුවේ මට ඇතිඋන කේන්තිය ඒ පාරින්ම පිටකරලයි.ඒ කෙල්ල කටින් ලේ පෙරාගෙන ෆ්ලෝ එකේ වැටෙන දිහා අනිත් අය බය වෙලා වගේ බලන් හිටියත් තුශෙල් අයියා කටකොනේ හිනාවක් රදවන් මන් දිහා බලන් හිටියා.

මම තුශෙල් අයියා අතේ තිබුනු වයින් ග්ලාස් එකත් ඒ ඔමේගා කෙල්ල වැටිලා ඉන්න තැනටම දාලා එයා ගෙ අතින් ඇදගෙන ක්ලබ් එකෙන් එලිය ආවේ  වචනයක් වත් කතා නොකරයි. ඒ අතින් අල්ලගෙනම අපෙ රූම් එකට ඇදන් ඇවිත් අත අතෑරිලා රූම් එකේ දොරවහලා මන් තුශෙල් අයියා ලගට ඇවිත් ඒ ඇස් දිහා බලන් හිටියත් එයත් ඒ ඇස් දම්පාට කරගෙන මන් දිහා බලන් හිටියේ සුපුරුදු කටකොනිනේ හිනාව එක්කමයි.

"ඇයි අයියේ ඔයා එහෙම කරේ. ඇයි වෙන එකියක්ව ඔයා ලගට ගත්තේ ඔයාට නොදැනුනාට ඒ කෙල්ල ඔයාලග ඉද්දි මට මගෙ ඇග පිච්චෙනවා වගේ දැනුනේ. මේ බලන්න මන්දිහා ඒවා තාම පිච්චෙනවා "

මන් අඩ අඩාම මගේ අත්වල රෑශ් එකක් වගේ රතුවෙලා තිබුනු විදිහ තුශෙල් අයියාට පෙන්නද්දි එයා මගෙ අත අල්ලගන්න එයාගෙ අත දික් කරත් මන් ඒකට ඉඩ දුන්නෑ.

"උත්තර දෙන්න අයියේ මොකක්ද ප්‍රශ්නෙ මොකක්ද හේතුව ඒ කෙල්ලට ඔයාව දෙන්න ගියේ ඇයි. ඒ කියන්නෙ අකේන් මට හැමවෙලේම කියන්න හැදුවෙ ඒ මන් එයාට කියන්න අවස්තාව නොදුන් ඔයාගෙ ඇත්ත තත්වෙ මේකද අයියේ "

Super Moon 🐺🐾BL Where stories live. Discover now