තුශෙල් අයියාත් ශර්ට් එකක් දාගෙන ඇවිත් මත් එක්කම පහලට ආවා.හොද වෙලාවට අපි එලියට එනවා කව්රුත් දැක්කෙ නෑ.
වැඩිය සද්ද නොකර ගාර්ඩන් එකත් පාස් කරගෙන අපි කැලෑපාර ලගට ආවා.
"ඇයි මෙ පාර.. අනිත් පාරෙන් යන්න පුලුවන් නේ "
මෙච්චර කාපට් කරලා තඩි පාරක් තියාගෙන බොරුවට කැලෑ අස්සෙ රිංගන්නෙ මොකටද කියලා හිතන ගමන් මන් තුශ් අයියා ගෙන් එහෙම ඇහුවා උත්තරයක් නෑ එයා දිගටම යනවා.
" දැන් ලගද"
"දැන් ලගද"
" කටවහගෙන එන්න නේශ් "
එහෙම කියාගෙන අයියා කැලෑ පාරක් දිගේ ඉස්සරහට ගියා.වැඩි දුරක් නොගිහින්ම අපි රිවස්ටන් ටවර් එක ලගට ඇවිත් තිබුනා උදේ එනකොට නම් පැය දෙකක් විතර ගියාට දැන් නම් අපි විනාඩි විස්සෙන් ටවර් එක ලග.
"අයියේ මේක ශෝර්ට්කට් එකක් ද..."
" එහෙම හිතුවත් වරදක් නෑ "
"ඇයි දැන් මෙහෙට ආවේ"
මම එහෙම ඇහුවත් තුශෙල් අයියා මගෙ මූන දිහා බලාගෙන අත්දෙක අල්ලගත්තා.
" මගෙ ඇස් දිහා බලන්න නේශ් "
" අයියෝ තුශ් අයියේ ඔහොම නෙවේ ඒක කියන්න ඕනි. මෙන්න මෙහෙම අහම් අහම් මාගේ දෑස දෙස බලනු මෙතෙන් පටන් ඔබ.."
මම හරිම තාත්වික විදිහට සූරපප්පා එකේ වගේ ඇස් දිහා බලන්න කිව්වත් තුශ් අයියා මාව ගනන් නොගෙන ටවර් එක ලගින් වාඩිඋනේ මටත් වාඩිවෙන්න කියලා කියන ගමන් මයි.
"ඇයි අයියේ මොකක් හරි ප්රශ්නයක්ද "
තුශෙල් අයියගෙ මූන මැලවිලා තියන විදිහ දැකලා මන් එහෙම අහුවත් එයා කරේ මන් ගාවට ඇවිත් මගෙ දකුනු එයාගෙ අත අත්දෙකටම මැදිකරල අල්ලගත්තු එක.
" නේශ් උබ මාව සැකකරනවද. උබ හිතන් ඉන්නෙ උබ හැර මට වෙන මිනිහෙක් ඉන්නවා කියලද එහෙමද හිතන් ඉන්නේ "
තුශෙල් අයියා මුල ටික බිදුනු හඩකින් කිව්වත් අන්තිම වචන කීපය නම් කියුවෙ ඒ ඇස්දෙකත් නිල්පාටින් දල්වන ගමනුයි.
YOU ARE READING
Super Moon 🐺🐾BL
Hombres Loboපාලුව...තනිකම...දැන් මේවා මගේ ජීවිතෙ ම කොටස් වෙලා. ආදරය , වෛරය , ඊර්ෂ්යාව සහ පලිගැනීම නිල් දම් කොල සහ රතු ඇස් හිමිකරුවන් සමග බැදී එකිනෙකාගේ ජීවිත වලට කෙසේ බලපෑම් කරයිද. November 11 ( 11:11 ) මගෙ මුලු ජීවිතය ම වෙනස් උන දවස ඒ super moon එක නිසා ඔව්...