"ලූනා..."මම කින්ග් එක්ක ආයෙ බ්ලැක් මූන් පැක් එකට එද්දි ශේන් වගේම කෙවින් ඈත ඉදන් මන් ලගට දුවගෙන ආවා.
" මන් හේජින්ව හම්බෙලා එන්නම් ආශු. ඔයා පැක් හවුස් එකට යන්න ම්ම් "
කින්ග් මගෙ ඔලුව අතගාලා ඈත ඉදන් මන් ලගට දුවගෙන එන ශේන්ලව දැකලා ඔෆිස් එක පැත්තට ගියා.
" ලූනව අද දැක්කෙම නෑ. ලෙච්චර් ආවෙත් නෑ නෙ "
" ඔව් කෙවින් මන් කින්ග් එක්ක පොඩි ගමනක් ගියනෙ ඒකයි එන්න බැරිවුනේ. ඉතින් අද මොකද වුනෙ. "
" ලූනා දන්නවද අද අපෙ කොලෙජ් එකට සීනියර්ස්ලත් ආවා. ඒ අය නම් ගොඩක් ටැලන්ටඩ් වගෙ. එයාලා මේ මාසෙම මෙහෙ ඉන්නවා කියුවා."
" මාසෙම... ඒත් හේජින් කියුවෙ සතියක් කියලනෙ "
"කලින් නම් සතියක් තමයි ඒත් ආයෙ ඒක මාසයක් කියලා වෙනස් කරා. "
" යන්කො ලූනා පෙන්නන්න. ලූනා දන්නවද ඒ සීනියර්ස්ලා ඔක්කොම ඇල්ෆලා වගේම බීටලා. එතන ලයිකන්ලා වගේම හයිබ්‍රීඩ් අයත් ඉන්නවා. "
ශේන් වගේම කෙවින් කතාකරන ගමන් මාව එක්කන් ආවෙ ග්‍රවුන්ඩ් එකලග තිබුනු ඉන්ඩෝ ග්‍රවුන්ඩ් හෝල් එකට. හෝල් එක ඇතුලෙ තැනින් තැන අපෙ වයසෙ ලමයි වගේම සීනියර්ස්ලත් හිටියා.
මන් හෝල් එක ඇතුලට යද්දිම ඇතුලෙ හිටපු අය මන් දිහා බලලා ආචාර කරලා එයාලා කර කරා හිටපු ප්‍රැක්ටිස් ටික කරගෙන ගියේ සමහර සීනියර්ස්ල ආචාර නොකරම බලන් ඉද්දියි.
" ලූනා අද අපිට කැමති ස්පෝට්ස් දෙකක් තෝරගන්න පුලුවන්. කොලෙජ් එකේ ස්පෝට් කරන එක අනිවාර්යයි නේ මන් නම් බැඩ්මින්ටනුයි ටේබල් ටෙනිසුයි තෝරගත්තේ දෙකම ටිකක් එක වගේනෙ අනික මන් පොඩිකාලෙත් ඒ දෙක කරලා තියනව ඒක හින්දා ලේසි ලූනා තෝරගන්නෙ මොනවද "
ශේන් එක දිගට කතා කරගෙන ගිහින් මගෙන් මොනවද කරන්නෙ කියලා අහද්දි මට කියන්න දෙයක් හිතාගන්න බැරි උනා. මොකද මන් ස්කෝලෙ යන කාලෙ කරේ රගර් ඊට අමතරව චානා එක්ක ව්රෙස්ලින් බලලා ව්රෙස්ලින් ටීම් එකෙයි කබඩි ටීම් එකෙයි හිටියා. පොඩිකාලෙ චෙස් කරාට දැන් මට ඒවා හරියට මතකත් නෑ. මට පුරුදු ස්පෝට්ස් කරලා පැක් එකේදි මාව වෙන කෙනෙක් ඇල්ලුවොත් කින්ග් කොහොම හැසිරෙයිද. ඒ විතරක් නෙවේ ලුසිෆර්... ලුසිෆර් ආවොත් මොනවයින් මොනවා වෙයිද.
YOU ARE READING
Super Moon 🐺🐾BL
Werewolfපාලුව...තනිකම...දැන් මේවා මගේ ජීවිතෙ ම කොටස් වෙලා. ආදරය , වෛරය , ඊර්ෂ්‍යාව සහ පලිගැනීම නිල් දම් කොල සහ රතු ඇස් හිමිකරුවන් සමග බැදී එකිනෙකාගේ ජීවිත වලට කෙසේ බලපෑම් කරයිද. November 11 ( 11:11 ) මගෙ මුලු ජීවිතය ම වෙනස් උන දවස ඒ super moon එක නිසා ඔව්...