Part 27

51 9 2
                                    

"ම්ම්ම් ආශු.. ලෑස්ති වෙයන් මගේ වෙන්න"

මගෙ ඇස් පියවෙද්දි තුශෙල් අයියගෙන් අහන්න ලැබුනු වචන ටික තමයි ඒ..












ආයෙත් මන් ඇස් අරිද්දි රූම් එකෙ ග්ලාස් වෝල් එකෙන් රූම් එකම එලිය වැටිලා තිබුනෙ වෙනදා විදිහටම වුනත් එක දෙයක් වෙනස් වෙලා තිබුනා. වෙන දවස් වලට උදේම අවදිවෙන තුශෙල් අයියා රූම් එකෙන් මටත් නොදැනී ඔෆිස් යද්දි උදේ අට නවය වෙනකන් මාව හග් කරන් මට එහාපැත්තෙ නිදන් ඉන්න අකේන් අයියා අද නෑ. මේ ඔක්කොම මට නරක හීනයක් කියලා හිතන්න තිබ්බා අකේන් අයියා මන් ලග හිටියනම් ඒත් එයා මන් ලග නෑ.

අවදි වෙලා හැමදාම වගේ මන් බැලුවෙ මගෙ වම්පැත්තෙ නිදන් ඉන්න අකේන් අයියා දිහා වුනත් එයා නැති නිසා මම තුශෙල් අයියා ඉන්න පැත්තට හැරුනා. ඊයේ රෑ වුන දේවල් එකදිගට මවිලා පේද්දි තුශෙල් අයියා ඉන්න තැනත් අද හිස්.

මම නැගිටලා හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා මේ දේවල් හිතන්න තීරනය කරත් මගේ අත්වල තැවරිලා තිබුනු ලේ ඒ දේට බාදාකරා. ඒ ලේ දම්පාටයි ඒකියන්නේ මේ තුශෙල් අයියාගෙ ලේ මන් ඉගෙනගත්තා අමරණීය කින්ග් කෙනෙක්ගෙ ලේ දම්පාට බව ඒත් ඒ අමරණීය කම පැත්තකින් තියලා මම තුශෙල් අයියාව හොයන්න ඇදෙන් බිමට බහිද්දියි දැක්කේ තුශෙල් අයියා ලේ වගුරවමින් ඇදපාමුල වැටිලා ඉන්නවා.

"අයියෙ.."

මම කතාකරාමත් අවදි නොවුනු නිසා මන් තුශෙල් අයියාට ලග තිබුනු වතුර බෝතලෙන් වතුර ඉස්සෙ ඒ ඇස් මට ආයෙ බලන්න ඕනි නිසයි.

"ම්ම්හ් ආශු "

තුශෙල් අයියා කෙදිරියක් එක්කම අවදිවුනෙ අමාරුවෙන් වුනත් එයා අවදිවෙනවත් එක්කම ඒ තුවාල වගේම ලේ පැල්ලමුත් මැකිලා ගියේ ඉස්සර මන් අතින් තුවාල වුනාම ඒවා මැකිලා යන විදිහටමයි. ඒ කියන්නේ මේදේවල් කරේ මමද . ඒත් මම කොලෙජ් එක්සෑම් එකට කලින් තුශෙල් අයියා වගේම අකේන් අයියා එක්කත් මගේ මේ වුල්ෆ් ව පාලනේ කරගන්න ඉගෙන ගත්තනේ. ඉතින් අද කොහොමද මන් මටත් නොදැනී තුශෙල් අයියාව සීරුවේ. ඒකත් එයාගෙ සිහිය නැතිවෙලා යන්නම.

Super Moon 🐺🐾BL Where stories live. Discover now